අංගම්පොර සටන් කලාවට පෙම්බැඳි සමාධි

421

ඇය නමින් වාසලගෙදර කඩුකරවන මුහන්දිරම්ලාගේ සමාධි සංකල්පනී උක්වත්ත. ඇය කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විiාලයේ 09 වසරේ ඉගෙනුම ලබන දීප්තිමත් ශිෂ්‍යාවකි.

 පාසලේ කනිෂ්ඨ විවාද කණ්ඩායමේ විවාදිකාවක් ලෙසද” ජ්‍යෙෂ්ඨ විවාද කණ්ඩායමේ අමතර විවාදිකාවක් ලෙසත් 08 ශ්‍රේණියේ විවාද කණ්ඩායමේ හිටපු නායිකාවක් විදිහට විවාද තරගවලට ඉදිරිපත්ව ජයග‍්‍රහණය ලබා ගත් පාසලේ දීප්තිමත් ශිෂ්‍යයාවකි. මේ වන විට ඇය තම පරම්පරාවෙන් උරුමව ඇති අංගම්පොර සටන් කලාවේ දස්කම්පාන ශිල්පිනියකි. මේ ගැන ඇය පවසන්නේ මෙලෙසය.

 මම පොඩි කාලේ ඉඳලා දැකලා තියෙනවා අපේ තාත්තා අපේ අයියට මේ සටන් ශාස්ත‍්‍රය උගන්වනවා. ඒත් එක්කම මම අපේ පාසලේ නර්තන විෂය හදාරන කොට මම දැකලා තියනවා නර්තනය ඇතුලේ තියෙන අඩි” අත් හැසිරවීම්” ඒවත් හරියටම ‘‘අංගම්පොර.. සටන් කලාවේ එන අඩිමාරු” අත් හැසිරවෙන විදිහ වගේමයි කියලා. ඉතින් මං මේ ගැන ටිකක් අධ්‍යයනය කරනකොට” මට මගේ තාත්තා කියලා දුන්නා.

 අංගම්පොර සටන් කලාව ඈත අතීතයේදී ‘‘සුද්දා.. විසින් තහනම් කරන කාලේ අංගම්පොර සටන් කලාව රැුකගත්තේ දේශීය නර්තන සම්ප‍්‍රදාය සම`ග මුහු කරලා කියලා. ඉතින් මට ආශාවක් ඇතිවුණා මේ සටන් කලාව ඇතුළේ තියෙන රිද්මය ගැන ඉගෙනගන්න…

 අපේ ගෙදර ඉස්සරහ වැලි පිල්ලක් තියෙනවා. ඒ වැලිපිල්ල හදලා තියෙන්නේ කලායතනයේ සීමිත සිසුන් පිරිසකට උගන්වන්න සහ පවුලේ සාමාජිකයන්ට නිදහසේ පුහුණුවීම් කටයුතු කරන්නයි. ඉතින්” එතැන අපි විවිධ ආයුධ වගේම අත් පා සටන් පුරුදු වෙනවා. බොහෝ ඉරිදා දවස්වලට වගේම නිවාඩු දවස්වලටත් පුළු පුළුවන් වෙලාවටත්” පුළු පුළුවන් විදිහට මේ ශාස්ත‍්‍රය අපි පුරුදු පුහුණු වෙනවා.

 අපි දකුණේ වා. ක. මු. පරම්පරාවේ” ඒ කියන්නේ වාසලගෙදර කඩුකරවන මුහන්දිරම් පරම්පරාවේ අය” අපේ අය රජුට කඩු කරවපු මුහන්දිරම්වරුන්ගෙන් පැවතගෙන එන පරම්පරාවක්. මේ පරම්පරාව අයත් වෙන්නේ ගාල්ලේ ගිංතොට උක්වත්ත කියන ප‍්‍රදේශයටත්” වලස්මුල්ල” මිද්දෙණිය දක්වා කොටසටත් කියලා තමයි මට මගේ තාත්තා කියලා දීලා තියෙන්නේ. ඒ වගේම අද හික්කඩුව වගේ ‘‘ගම්.. ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ ‘‘සිප් කඩුව.. කියලලූ” එහි කඩු ශිල්ප උගන්වපු පාසල් එහෙම තිබුණ නිසා එහෙම ඒකාලේ කියලා තියෙනවා කියලයි මං අහලා තියෙන්නේ.

 අංගම්පොර ශාස්ත‍්‍රයේ ප‍්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ අංගම් සහ ඉලංගම් කියලායි. අංගම් කියන්නේ ශරීරාංග පාවිච්චි කරලා තවත් මල්ලවයකු සම`ග අල්ලන පොර පූට්ටු” ගැට ගුස්තිවලටයි.

 එතකොට ඉලංගම් කියන්නේ මේ අංගම්පොර ශාස්ත‍්‍රයේ ආයුධ මෙහෙයවීම ගැන තියෙන කොටසට. ඉතින් මෙහිදී ප‍්‍රධාන වශයෙන් කඩු” හෙල්ල” දුන්න” කැත්ත” පොරව” කිරිච්චි වගේ ආයුධ ගැන ඉගෙනගන්න පුළුවන්.

 ඉතින් මේ අංගම් සහ ඉලංගම් ශාස්ත‍්‍රය ගැන මට සාමාන්‍ය දැනුමක් තියෙනවා සහ මම තවම ඒ ශාස්ත‍්‍රයන් අධ්‍යයනය කරමින් සිටිනවා.

 මෙකී ශාස්ත‍්‍ර දෙකට අමතරව යන්ත‍්‍ර” මන්ත‍්‍ර ශාස්ත‍්‍ර මෙන්ම භාවනා ක‍්‍රම” යෝගා

 ක‍්‍රම වගේ තවත් අනු කොටස් කිහිපයක්ද” අංගම්පොර සටන් කලාව ඇතුලේ තියෙනවා. ඒ දේවල් ගැන නම් මම තවම හරියටම අධ්‍යයනය කරලා නැහැ. නමුත් මං ඒ දේවල් ගැන දැනට මම යම් හැදෑරීමක ඉන්නවා.

 මගේ තාත්තා තමයි මට ඒ ශාස්ත‍්‍රය දෙන්න මූලික වෙන්නේ” තාත්තා වෘත්තියෙන් දේශීය පාරම්පරික වෛiවරයෙක්” දේශකයෙක්” චිත‍්‍ර ශිල්පියෙක්” වගේම පාරම්පරික අංගම්පොර ශිල්පියෙක්. ඒ වගේම මගේ සීයා කීර්තිසේන උක්වත්තයන්වත් මතක් කරන්න ඕනේ. ඒ වගේම මගේ එකම සහෝදරයාවත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මගේ සහෝදරයා මට මගේ දෙවැනි පියා හා සමානයි. ඔහු මට ලබාදෙන පුහුණුව සහ සහාය ගැනත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ කියලා මං හිතනවා.

 ඔහු මේ වනවිට කොළඹ රාජකීය විදුහලේ ජීව විiාව අංශයෙන් උසස් පෙළ ඉගෙනුම ලබනවා. මගේ අම්මා මා පිටුපස සිට මට විශාල සහයක් ලබා දෙනවා.

 විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ රාවණ සිරිත ජාතික ශිල්ප කලායතනයේ” අනුශාසක අනුනායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ව” උන්වහන්සේගෙන් මට ලැබෙන අවවාද අනුශාසනා හා දිරිගැන්වීම් මේ අවස්ථාවේදී අමතක කරන්නම බැහැ. ඊට අමතරව බැරගම අරියදේව ස්වාමීන්වහන්සේවත්” කොටපොල මංගල හිමියන්වත් මේ අවස්ථාවේදී ඉතා ගෞරවයෙන් මතක් කරන්නට ඕනේ.


 ධම්මික ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment