අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්යාද්යායතනයේ ප්‍රතිකාර ලබා සුවපත් වූ රෝගීන් ඔවුන්ගේ ඥාතීන් විසින් නැවත සිය නිවෙස් වෙත රැගෙන නොයෑම ගැටලුවක් වී ඇතැයි එම පාලනාධිකාරිය පවසයි.
කෙසේ වෙතත්, ඔවුන් ඉතා හොඳින් රැක බලාගනිමින් ඔවුන්ට ලබාදිය යුතු සෙනෙහස උපරිමයෙන් ලබාදෙන බව එම විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය ශ්‍යාමලී සුජීවා රත්නායක මහත්මිය “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසුවාය.
දැනට වසර 30ත් අධික කාලයක සිට සුවය ලබා රෝහලේ නේවාසිකව රෝගීන් 400කට අධික පිරිසක් සිටින බව ද ඇය කියා සිටියාය. මෙම රෝගීන් සමහරක් දෙනාගේ නිවෙස්වල ලිපින සොයා ගියවිට ඒවා ව්‍යාජ ලිපින බවට හෙළි වූ බව ද ඇය සඳහන් කර සිටියාය. තවත් සමහරක් රෝගීන්ගේ නිවෙස් වෙත ගිය විට ඔවුන් සිය ඥාතියා භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බව ද ඇය පැවසුවාය. මෙම තත්ත්වය තුළ සිය කාර්ය මණ්ඩලය දිවා රෑ නොබලා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව සිටින මෙම රෝගීන්ට උපරිමයෙන් සත්කාර කරන බව ද ඈ සඳහන් කළාය.
තම සුවපත් වූ ඥාතියා රෝහලේ ප්‍රතිකාර ලබන්නේ නම් ඔහු හෝ ඇය රැගෙන යාමට කාරුණික වන්නැයි ද ඇය එම ඥාතීන්ගෙන් ඉල්ලා සිටියාය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්