ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත නිෂ්පාදකයා වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම (Asian Paints Causeway) ශ්‍රී ලාංකික ප්‍රජා සුභසාධනය වෙනුවෙන් වන සිය කැපවීම තවදුරටත් තහවුරු කරමින් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ වැඩිහිටි මානසික සෞඛ්‍ය වාට්ටුව පූර්ණ වශයෙන් පරිවර්තනයකට ලක් කළ වර්ණ ගැන්වීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කළේය.
මෙම ව්‍යාපෘතිය ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් දිවයින පුරා පාසල්, රෝහල් සහ සංස්කෘතික ස්ථාන වැනි පොදු මහජන අවකාශයන් නැවත වර්ණ ගන්වන “පැහැබර දිවි” වැඩසටහන යටතේ, එහි තවත් එක් අදියරයක් වශයෙන් ක්‍රියාත්මක කෙරිණි.