පසුගිය වසර සමයේ මාසික ආදායම රුපියල් ලක්ෂ 25 යි. දැන් මාසික ආදායම රුපියල් මිලියන 425 යි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සැලසුම් සහ උපදෙස් මත ග‍්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ මෙහෙයවීමෙන් සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, මෙම වසරේ ජූලි මාසයේදී පමණක් රුපියල් මිලියන 425 ක වාර්තාගත අදායමක් ලැබීමට සමත්ව සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි.
පසුගිය රජය සමයේ මසකට රුපියල් ලක්ෂ 15 ක ආදායමක් ලබමින් සිටි සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව අගමැතිතුමාගේ උපදෙස් පරිදි පසුගිය ජුනි මාසය වනවිට එම ආදායම රුපියල් මිලියන 155 ක් දක්වා සහ ජූලි මාසයේදී එය තුන් ගුණයකට ආසන්න අගයකින් ඉහළ නංවා ගෙන ඇති බව ග‍්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප‍්‍රකාශ කළේය.
2020 වසරේ මාර්තු 05 වැනි දින අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලද, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නවීකරණය කරන ලද සුපිරි වෙළෙඳ මධ්‍යස්ථාන ප‍්‍රධාන ශාඛාව ඇතුළුව ශාඛා 17 ක් රටපුරා මේ වනවිට ක‍්‍රියාත්මක වෙමින් සේවාවන් සපයන අතර, පසුගිය කාලයේ වැසී ගිය ශාඛා 03 ක් නැවත විවෘත කිරීමට ද සංස්ථාව පියවර ගෙන තිබේ.
රාජ්‍ය ආයතන පාඩු පිට පාඩු ලබමින් සිටින මොහොතක, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මෙසේ ලාභ ලැබීම, ව්‍යාපාරික ලෝකයට මෙන් ම දේශීය ආර්ථිකයට ද සුබ ලකුණක් එක්කරන බව සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නව පාලානාධිකාරිය සඳහන් කරයි.
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන්, ග‍්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, ග‍්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේගුණවර්ධන, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති මහේන්ද්‍ර විජේසේකර, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දිලූම් රත්නායක යන මහත්වරුන් විසින් නව සැලසුම සාර්ථක කරගැනීමට කටයුතු කර තිබේ.
සිරිමන්ත රත්නසේකර
|