අගමැති ලෙස රනිල් අද දිවුරුම් දෙයි

1868


නව අගමැති ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අගමැතිවරයකු වන රනිල් වික්‍රමසිංහ මහතා අද සවස දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගත හැකි නම් අගමැතිධුරය පිරිනැමිය හැකි බව ඊයේ රාත්‍රී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්චාවේදී ප්‍රකාශකර ඇතැයිද වාර්තාවේ.මේ වන විට සමගි ජන බලවේගය,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හි මන්ත්‍රීවරු රැසක් රනිල් වික්‍රමසිංහම මහතාට සහාය පළකිරීමට මේ වන විට කැමැත්ත පළකර ඇතැයිද වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment