අගමැති හා මහ බැංකු අධිපති අතර ගැටුමක් නෑ: සමාජමාධ්‍ය පුවත් බොරු

257

මහ බැංකුවෙන් ට්විටර් පණිවුඩයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර මතභේදයක් පවතින බවට පැතිර යන සමාජමාධ්‍ය ප්‍රචාරයන් මහ බැංකු අධිපතිවරයා දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ට්විටර් පණිවඩුයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සමග සෑම අතින්ම සුහදව කටයුතු කරමින් සිටින බවද එම ට්විටර් පණිවුඩයේ සඳහන් වේ. අගමැති සහ මහ බැංකු අධිපතිවරයා අතර ගැටුමක් පවතින බවට වන සමාජජාලා ප්‍රචාරයන් ගැන මහ බැංකුවේ අවධානය යොමුව ඇති බවත් එවැනි සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්‍ෂේප කරන බවත් මහ බැංකුව නිකුත් කළ එම ට්විටර් පණිවුඩයේ තවදුරටත් සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment