අගලවත්තේ හොර නෝට්ටු වපුරා පැනගිය අම්මයි දුවයි බැරියරේට කොටු

2038

කුලී ගෙවීමේ පදනම මත මෝටර් රථයක් ලබාගෙන සිය දියණියද කැටුව එම රථයෙන් ගොස් රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු ලබාදී භාණ්ඩ ලබාගත් කාන්තාවක අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කළුතර, කිතුලව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කීය.

අගලවත්ත සහ ඒ අවට ප්‍රදේශයේ වෙළෙඳසැල් වලට මෝටර් රථයකින් පැමිණෙන කාන්තාවක් ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු ලබාදී භාණ්ඩ මිලදීගෙන පලාගොස් ඇති බවට පැමිණිලි පහක් ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි. කලවැල්ලාව ප්‍රදේශයේ වෙළෙඳසැලකටද මොවුන් පැමිණ ඇත.

කාන්තාවක් සහ ගැහැනු ළමයකු මෝටර් රථයකින් පලාගිය බවට ලද තොරතුරක් මත මාර්ග බාධකයක් යොදා වැටලීම කළ බව පොලිසිය කීය. සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. අගලවත්ත පොලිස් ස්ථානාධිපති පො.ප. ධම්මික සිල්වා මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී. කේ. නිලන්තගේ

ප්‍රධානත්වයෙන් සැරයන් වරුන් වන ධර්මවර්ධන (10212), සමන්ත (64847), සෝමසිරි (59970), ප්‍රදීප් (67758) සහ පො.කො. මධුරප්පෙරුම (97550) යන නිලධාරීන් වැටලීමට එක්වූහ.

වාද්දුව – සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment