පශු වෛද්‍ය චන්දන ජයසිංහ
බඳින තුවක්කුවක් පත්තුවීමෙන් ඉදිරි වම් පාදයට දැඩි හානි සිදුව මාස තුනක පමණ කාලයක් පුරා ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ ඇතාට පෙරේදා (16) දිනයේ දී ද ස්කෑන් හා එක්ස් රේ පරීක්ෂණයක් සිදුකර ප්‍රතිකාර කිරීම සිදුකෙරිණි.
වනජීවි දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂක පශු වෛද්‍ය තාරක ප්‍රසාද් හා අනුරාධපුර වනජීවී කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් වෛද්‍යවරු හා සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායමක් මේ සඳහා එක්විය.
මේ වන විට අග්බො ඇතා අනුරාධපුර, තිරප්පනේ වන්නම්මඩුව වැව් රක්ෂිතයේ සැරිසරමින් සිටින අතර පෙරේදා දින ඇතාව නිද්‍රාවට පත් කොට පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව එම තුවාල විෂබීජහරණය කොට ප්‍රතිකාර කිරීම සිදු කෙරිණි.
අනුරාධපුර කලාප භාර වනජීවී කාර්යාලය පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියා සිටියේ ඇතාගේ තුවාල මේ වන විට සුව අතට හැරෙමින් පවතින බවත් සම්පූර්ණයෙන්ම සුව අතට පත් වීමට තවත් මාස තුනක පමණ කාලයක් ගතවන බවය.
අද දිනයේ දී ද ස්කෑන් හා එක්ස් රේ පරීක්ෂණවලට අමතරව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ඇතාගෙන් රුධිර සාම්පල ලබා ගත් බව ද පශුවෛද්‍ය චන්දන ජයසිංහ මහතා කීය.
තිරප්පනේ සමන් පෙරේරා