අගෝස්තු මාසය සඳහා වන ‘අස්වැසුම’ ගෙවීම් අද (01දා) ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඒ අනුව අද අදාළ මුදල් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙනු ඇත.
එසේම සැප්තැම්බර් මාසය සඳහා වන දීමනාව ද නොවැම්බර් මාසය තුළදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත