මහා කවි රාජකරුණා කිවිඳුගෙ පෑන
නැළවිලි ගීතයෙන් කිවි බිළිඳුගෙ මූණ
සිඹිමින් තොටිල්ලේ මැව්වා කවි සිහින
ඒවා ගැඹුරු උල්පත් වේ රස ගේන
හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා මෙම කවිය ගායනා කළේ එතුමා පළාත් පාලන ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ 1969 ජුනි මස 06 වැනි දින කොළඹ බොරැුල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ පැවැත්වූ අගනුවර තරුණ කවි සමාජයේ සංවත්සර සභාවක මුලසුනේ දෙසුම කවියකින් සිදු කරමිනි. රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ පියාත්, මහා කවි ආනන්ද රාජකරුණාගේ පියාත් උපත ලබා ජීවත් වූයේ ගාලූ දිස්ත‍්‍රික්කයේ බලපිටියේ කොස්ගොඩ නම් ඓතිහාසික ග‍්‍රාමවරයේදී ය. මීට වසර 64 කට පෙර එනම්, 1957 අගෝස්තු මස 27 වැනි දින දැයෙන් සමුගත් මහා කවි ශ‍්‍රී රූපදේව ආනන්ද රාජකරුණා මහා කිවිඳුන්ගේ ගුණ සමරුව නිමිත්තෙන් එතුමා පිළිබඳව යම් ඇගයීමක් කිරීම කෘතගුණ දත් ජනතාවක් වශයෙන් අපගේ යුතුකමක් යැයි මා සිතමි.
වර්ෂ 1885 පෙබරවාරි මස 07 වැනිදා රත්ගම මැතිවරණ කොට්ඨාසයේ මාදම්පාගම දී ආනන්ද රාජකරුණා මහතා උපදින්නේ සිය මෑණියන්ගේ නිවසේදී ය. එතුමන්ගේ දෙමාපියන් වූයේ අගම්පොඩි විජයවර්ණකුල චාර්ලස් තාබ්‍රෙව් රාජකරුණා ගම්මුලාදෑනි වෛද්‍යවරයා වූ අතර මෑණියන් වූයේ රන්නුළු හෙලේනා ද ලිවේරා කරුණාරත්න මාතාවය. ජය ශ‍්‍රී මහා බෝධිය ලක්දිවට වැඩම කරන විට රන් නූල්වලින් ගෙත්තම් කරන ලද රිදී කොඩි පළඳනා නිමා කිරීමට පැමිණි බ‍්‍රාහ්මණ වංශිකයන්ගේ පරපුරකින් ජනිත වූ නිසා රාජකරුණා කිවිඳුන්ගේ මව් පරපුර (රන් නූල්* නම් වාසගමෙන් සමන්විත විය. තම මවගේ සොහොයුරෙකු වූ ආභි ධම්මික කාව්‍ය චක‍්‍රවර්තී මාදම්පේ ධම්මතිලක මාහිමියන් ලවා අත් පොත් තැබුවා වූ රාජකරුණා දරුවාගේ මුල් නම වූයේ වර්ණකුල ඇල්ෆ‍්‍රඞ් තාබ්‍රෙව් රාජකරුණා යනුවෙන් ය.
පළමුව ගමේ පාසලෙන් අධ්‍යාපනය ලබා දෙවනුව ඇතුළත් වූයේ බලපිටිය රන්දොඹේ සී. එම්. එස්. පාසලට ය. මෙම පාසලේ දී නිදහස් අධ්‍යාපනයේ පියාණන් වූ ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ශ‍්‍රීමතාණන් සමග එකම පාසලේ උගත් කුඩා ඇල්ෆ‍්‍රඞ් උසස් අධ්‍යාපනය ලැබීමට ඇතුළත් වූයේ ලංකාවේ ප‍්‍රථම බෞද්ධ ඉංග‍්‍රීසි පාඨශාලාව වූ කොස්ගොඩ රාජපක්ෂ මහා විද්‍යාලයටය. එකල රාජපක්ෂ විදුහලේ ප‍්‍රධාන ආචාර්යවරයා වූයේ ඉන්දියාවෙන් පැමිණි බ‍්‍රාහ්මණ පඬිවරයෙකු වූ නලිනි කුමාරදත්ත නම් මහා පඬිවරයා ය. එතුමා ඇසුරෙන් සංස්කෘත භාෂාව උගත් රාජකරුණා ජ්‍යොතිෂ ශාස්ත‍්‍රය ද හදාළේය.
මාදම්පේ ධම්මතිලක මාහිමියන් වෙතින් සිංහල පාලි භාෂාවන් ද බුදු දහම ද උගත් රාජකරුණා, කාව්‍ය කලාවද උගත්තේ ය. මාදම්පේ ධම්මතිලක මාහිමියන්, මිහිරිපැන්නේ මාහිමි පරපුරෙන් උගත් මහා කවියෙකු ද විය. පාසල් අධ්‍යාපනයෙන් පසු පාසල් ගුරුවරයකු ලෙස සේවයට පිවිසි ආනන්ද රාජකරුණා මහතා හලාවත කටුපිටි මාදම්පේ බෞද්ධ පාසලේ විදුහල්පතිවරයා වශයෙන් සේවය කළ අතර දෙවනුව බලපිටිය අම්පේ කනිටු විදුහලේ විදුහල්පතිවරයා ලෙස ද සේවය කර ගුරු වෘත්තියෙන් සමුගෙන පුවත්පත් කලාවට යොමු විය. ඒ අනුව 1911 දී සිංහල බෞද්ධයා පුවත්පතට එක් වී එහි සේවය කළේ අනගාරික ධර්මපාලතුමාගේ ඇසුර මතය. මේ සමයේදී ධර්මපාලතුමාගේ ඉල්ලීම පරිදි ඇල්ෆ‍්‍රඞ් තාබ්‍රෙව් යන පරගැති නම වෙනස් කර ආනන්ද රාජකරුණා යන නම මෙතුමා විසින් භාවිතයට යොදා ගන්නා ලදී.
වර්ෂ 1914 ආනන්ද රාජකරුණා මහතා විවාහ දිවියට පත්විය. සිය මනාලිය වූයේ බලපිටියේ ගොඩගෙදර විසූ වීරමුණි මේරි ද අල්විස් ජයවර්ධන මෙනෙවියයි. ඇය තම ප‍්‍රථම දරු උපතත් සමග මියගිය හෙයින් ආනන්ද රාජකරුණා මහතා දෙවැනි විවාහයකටද පෙළඹිණි. දෙවන විවාහයේ දී සිය සහකාරිය වූයේ මියගිය බිරිඳගේ කනිටු සොහොයුරිය වූ ජෙනට් ද අල්විස් ජයවර්ධන මෙනෙවියයි. එම විවාහයෙන් ද තවත් පුතෙක් සහ දියණියක් ද ලැබුණි. මේ අනුව රාජකරුණා මහතාට දරුවන් තිදෙනෙකු විය. ඒ දරුවන් තිදෙනාම එතුමාගේ සෙවණේ හැදී වැඩුණේය. මේ පවුල ජීවත් වුයේ බලපිටියේ ගොඩගෙදර ”රාජගහ” නම් නිවසේ ය.
රාජකරුණා කිවිඳුන්ගේ පුවත්පත් කලා ජීවිතය මෙන්ම කාව්‍ය ජීවිතය ද ඉතා ප‍්‍රබල විය. ඔහු සිය ජීවිතය කවිය සමග බැඳුණේ සසර පුරුද්දට මෙනි. අප රටේ අනුරාධපුරයෙන් ඇරඹුණු සිංහල කාව්‍ය යුගයන් විවිධ රාජධානි යුගවලදී ඉදිරියට ගලා ආවේ එකම හුයක් මෙන් අඛණ්ඩව ය. මහනුවර යුගයේ දී මෙරට ඇති වූ බටහිර ආක‍්‍රමණය සමග පහතරට රාජ්‍ය පාලනය සිංහල රාජාණ්ඩුවෙන් ගිලිහී ගියේය. එහිදී අප රටේ විසූ සාහිත්‍යධරයන් අතර පහතරට විසූ උගතුන් සිය මෙහෙවර එම ආක‍්‍රමණිකයන්ගේ තාඩන පීඩන මැද්දේ ද ඉදිරියට ගෙන ආවේ අසීමිත කැපවීමෙනි.
මේ අනුව ප‍්‍රාදේශීය සාහිත්‍ය යුගයන් ලෙස මාතර සාහිත්‍ය යුගය හැඳින්වීමට හැකිය. මාතර සාහිත්‍ය යුගය බිහිවීමෙන් පසු බිහිවූ දෙවන සාහිත්‍ය යුගය වූයේ කොළඹ යුගයයි. මේ අනුව මාතර යුගයේ අවසාන කවියා ලෙසත්, කොළඹ යුගයේ ප‍්‍රථම කවියා ලෙසත් ආනන්ද රාජකරුණා මහතා ඉතිහාසයට එක් වී හමාරය. ඔහු සිරිලක කවි කෙත සාර්ථකව අස්වැද්¥ මහා කවියා ය. ඔහු දරු නැළවිල්ලේ සිට ජාතික කවි ගීත දක්වා විවිධ කෂේත‍්‍රවලට කවි ලිව්වේ ය. ඔහු මෙරට කාව්‍ය කලාවේ ජාතික වචනය පෙරට දමා කාව්‍ය ග‍්‍රන්ථ ප‍්‍රථමයෙන් නිර්මාණය කළ කවියා විය. ජාතික දරු නැළවිල්ල, ජාතික මඟුල් පඬුර, ජාතික බයිලා සින්දු එම ග‍්‍රන්ථ ත‍්‍රිත්වයයි. අපට ජාතියක් වශයෙන් ජාතික ධජයක් තිබුණද ජාතික ගීයක් තිබුණේ නැත. ඔහු ලිවූ ප‍්‍රථම ජාතික ගීය වූයේ ”නමෝ තේ මාතා” යනුවෙන් ප‍්‍රබන්ධ කළ රචනාව ය. ජාතික පුෂ්පයක් පිළිබඳව අප රට කල්පනා කළේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන යුගයේ දී ය. නමුත් ආනන්ද රාජකරුණා මහතා අධිරාජ්‍ය යුගයේ ජාතික පුෂ්පයක් ගැන ලියුවේ ය. ඒ පිළිබඳව නිර්මාණ සැකසුවේ ය. 1934 වසරේ දී සරසවි සඳරැස පුවත්පතට හා තවත් පුවත්පත් කිහිපයකට පද්‍ය පන්තියක් සපයන රාජකරුණා කවියා එය ජාතික පුෂ්පය ලෙස හඳුන්වා ඇත. එහිදී ජාතික පුෂ්පය ලෙස හඳුන්වන්නේ නෙළුම් මල ය. ආනන්ද රාජකරුණාගේ කවීත්වය පිළිබඳ විමසා බලන විට ඔහු ලියූ ”රෝස මලේ නටුවේ කටූ වන බඹරෝ ඔහොම හිටූ” කවිය නොකියන ලද දරුවෙකු අප රටෙන් සොයා ගැනීමට නොහැකිය.
ඔහු විවිධ මාතෘකා යටතේ කාව්‍ය නිර්මාණයේ යෙදුනි. කෙටියෙන්ද ඔහු කවි නිර්මාණයකොට ජනගත කළේය. ඔහු මේ නිසා ලංකාවේ සියලූ දෙනාගේම හිත දිනාගත් කවියෙක් බවට පත්විය. ආනන්ද රාජකරුණා මහතා කලාවට මෙන්ම දේශපාලනයට සිත යොමු කළ ජාති හිතෛෂියෙකි. එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා සිංහල මහා සභාව ආරම්භ කරන විට එහි උප සභාපතිවරයා වූයේ ආන්නද රාජකරුණා මහතා ය. සිංහල මහා සභාවේ පළවෙනි ශාඛාව එතුමා දකුණු පළාතේ ගාලූ දිස්ත‍්‍රික්කයේ පිහිටුවන ලද්දේ බලපිටියේ ගොඩගෙදර තම නිවසේදී ය. මෙම අවස්ථාවට ඩඞ්ලි සේනානායක, එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක ආදී එදා අපේ රටේ හිටපු නායකයන් රාශියක් සහභාගී වූ බවට වාර්තාවල සඳහන් වේ.
ආනන්ද රාජකරුණා මහතා ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහත්මා සමග විශේෂ සම්බන්ධතාවක් පැවැත්වූයේ පාසල් අවධියේ සිටය. ආනන්ද රාජකරුණා ද ටයි කෝට් කලිසම් අතහැර ජාතික ඇඳුම අඳින්නට සූදානම් වූවා සේ කන්නන්ගර මහතා ද ජාතික ඇඳුම ඇඳීමට එක්විය. ජාතික චින්තනය වෙනුවෙන් ආනන්ද රාජකරුණා සිදුකළ මෙහෙවර ඉතා ඉහළ තත්ත්වයකට පත් වී තිබුණි. එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා විවාහ ජීවිතයට පත්වන අවස්ථාවේදී මහවලතැන්න වලව්වේ සිරිමා මැතිණිය පෝරුවේ සිටුවීමේ චාරිත‍්‍රයද සිදුකර ඇත්තේ ආනන්ද රාජකරුණා කවියා විසිනි. ඒ පිළිබඳව මොරටුව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෝමවීර චන්ද්‍රසිරි මහතා සිය කාව්‍ය ග‍්‍රන්ථවල සඳහන් කර ඇති කවිවලින් පෙනී යයි.
1923 දකුණු පළාතේ පැවැත් වූ ප‍්‍රථම අතුරු මැතිවරණයේ දී ඒ සඳහා ඉදිරිපත් වූ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාගේ ඡුන්ද සටනේ දී ආනන්ද රාජකරුණාගේ මෙහෙය ඔවුන්ට ලැබුණි. හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මුත්තණුවන් වූ සී. එල්. වික‍්‍රමසිංහ මහතා එම අතුරු මැතිවරණයේ ප‍්‍රධානත්වය ගෙන ක‍්‍රියා කරන විට ආනන්ද රාජකරුණා මහතා ද ඔහු සමග එක්ව දකුණු පළාත තුළ ජයග‍්‍රහණය කන්නන්ගර මහතා වෙත ලබාදීමට ක‍්‍රියා කළ බව එම ගාලූ ජාතික සංගමයේ ඉතිහාසය තුළ සැකෙවින් සඳහන් වේ. මේ අතින් බලන විට ආනන්ද රාජකරුණා මහතා කවියෙකු, ගුරුවරයෙකු, පුවත්පත් කලාවේදියෙකු හා නිහඬ දේශපාලකයෙකු ලෙස සිදු කර ඇති මෙහෙවර සුළු පටු නොවන බව අපට පසක් කරගත හැකිය. ඔහු තම කවිය අවියක් කොට සැලකුවේ සමාජ සංශෝධනය සඳහා ය. එක් අවස්ථාවක පොහෝ දිනයක තමාගේ ගෙදර අසල සිටි බෝදා නමැති අයකු කැස්බෑවෙකු මරා උයාගෙන කෑ පුවත රාජකරුණා මහතාට අසන්නට ලැබිණි. පොහොයට පසුදින බෝදා හමු වූ අවස්ථාවේ දී ආනන්ද රාජකරුණා මහතා ඔහුට මෙම කවියෙන් තමා කළ අපරාධයේ තරම කියා දුන්නේය. එම කවිය මෙසේය,
අසළ ගෙදර බෝදා – අන්දරේ හා නොබෝදා
පැමිණි පිරි පොහෝදා – දේනු කැස්බෙක් මරාදා
කොරළ ලෙලි ගසාදා – මස් උයා කෑලූ සාදා
මැරුණම කොට බාදා – මුන් අපායේ නොයේදා
ආනන්ද රාජකරුණා මහතා කියූ මේ කවිය අද ජන කවියක් තරමට ප‍්‍රසිද්ධය. ආනන්ද රාජකරුණා තවත් අවස්ථාවක දී දහම් ගැට පිළිබඳව දහම් කරුණු ඇතුළත් කර ලියූ කවි රාශියක් ආනන්ද සම්ප‍්‍රවේදිතය නම් ග‍්‍රන්ථයේ වෙනම පරිච්ෙඡ්දයක් ලෙස සඳහන්ව ඇත. එදා අප රටේ හිටපු සියලූදෙනා කවි රජ්ජුරුවෝ යැයි හැඳින්වීමට ආනන්ද රාජකරුණා මහතාට ගෞරවයක් වශයෙන් නිබඳවම සඳහන් කළේ ය. 1931 පැවැති රාජ්‍ය මන්ත‍්‍රණ සභා මැතිවරණයේ දී ආනන්ද රාජකරුණා මහතා එම ඡුන්ද සටනේ යෙදුණු ජාතික නායකයන් වෙනුවෙන් සිය කවි හඬ කැප කරමින් රට පුරා රැුස්වීම්වල කවි කතා කළ බව ඉතිහාසයේ සඳහන් වේ. එමෙන්ම රාජකරුණා මහත්මාගේ කාව්‍ය මෙහෙවර අගය කළ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකාය මගින් ශ‍්‍රී රූපදේව කවීන්ද්‍ර යන ගෞරව නාමය රාජගුරු වස්කඩුවේ ශ‍්‍රී සුභූති නායක මාහිමිපාණන් වහන්සේ විසින් ප‍්‍රදානයකොට ගෞරව දක්වන්නට යෙදුනි. ලංකාවේ කවියෙකු සඳහා හිමි වූ ප‍්‍රථම ගෞරව සම්මානය එය බව ඉතිහාසයේ සඳහන් වේ.
එමෙන්ම තම ජීවිතයේ අවසාන කාලය ආනන්ද ධම්ම නමින් ආනන්ද රාජකරුණා මහතා අනුරාධපුර රුවන්වැලි මහා සෑය අබියසදී පැවිදි දිවියට පත්විය. ටික කාලයක් පැවිදි ජීවිතය ගතකළ එතුමා අධික ලෙස ගිලන් වූ නිසා එතුමාගේ කැමැත්ත මත යළි උපැවිදිකොට තම දරුවන් විසින් රාජකරුණා කවියා බලපිටියේ ගොඩගෙදර රාජගහ නම් නිවසට කැඳවාගෙන එන්නට යෙදුණි. ආනන්ද රාජකරුණා මහතා 1957 අගෝස්තු මස 27 වැනිදා ජාතියෙන් සදහටම සමුගත්තේ නොමැකෙන ගෞරවනීය නාමයක් රට, දැය තුළ ඉතිරි කරමිනි.
එතුමාගේ මෙහෙවර අගය කළ රජය මගින් ලංකාවේ ප‍්‍රථම වරට කවියෙකු වෙනුවෙන් නිකුත් කරන ලද සමරු මුද්දරය ආනන්ද රාජකරුණා මහතාගේ රූපය සහතිව නිකුත් කරන ලදී. කොළඹ මහා නගර සභාව මගින් කොළඹ නගරය තුළ ආනන්ද රාජකරුණා නාමයෙන් මාවතක් නම්කොට උපහාර දක්වන්නට යෙදුණි. රත්ගම මැතිවරණ කොට්ඨාසයේ ද ආනන්ද රාජකරුණා මහතා වෙනුවෙන් මාවතක් නම් කර ඇත. ආනන්ද රාජකරුණා කිවිඳුන් ලියූ කවි, පොත් පාඨශාලා පොත් බවට එතුමා ජීවතුන් අතර සිටි යුගයේම අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් අනුමතකොට පාසල්වලට නිර්දේශ කළ අතර, එතුමාගේ කවි අදත් පාසල් පොත්වල සටහන්ව දරුවන්ගේ අධ්‍යාපනයට ලබන සවිය අගය කළ යුතුය. 1957 අගෝස්තු මස 27 දින බලපිටියේ දී අභාවප‍්‍රාප්ත වූ එතුමාගේ දේහය කොළඹට රැුගෙන ගොස් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශ්ව කලා ආයතනයේ දී ආදාහනය සිදු කරන ලදී. එතුමාගේ භෂ්මාවශේෂ තැන්පත්කොට මාදම්පේ ඉදිකර ඇති සමරු සිහිවටනය ගාලූ පාර අයිනේ අදත් දැකිය හැක. මාතර හා කොළඹ යන යුග දෙක එකට එකතු කර, කවියෙන් දෑස් සනසා ලූ ආනන්ද රාජකරුණා ශ‍්‍රීමතාණන් සිරිලක කවිය තිබෙනතුරු අමතක නොවන මහා කවියෙකු ලෙස සිහිපත් කිරීම යුක්ත බව අමුතුවෙන් කිවයුතු නොවේ. කිවිඳුනි ඔබේ ශ‍්‍රී නාමය සදා අමරණීය යි.
හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන
සභාපති – එක්සත් ජාතික පක්ෂය
|