අච්චුවේලිහිදී දෙපිරිසක් ගැටී ත්‍රිරෝද දෙකකට ගිනි තබා අයෙකු කඩුවකින් කපා දමලා

135

යාපනයේ අච්චුවේලී ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී ත්‍රිරෝද රථ දෙකකට ගිනි තබා ඇති අතර ගැටුමේදී එක් අයෙකු තුවාල ලබා තිබේ.

අච්චුවේලී පොලීසිය ප්‍රකාශ කලේ කඩුවක් රැගත් පුද්ගලයෙකු පැමිණ එක් ත්‍රි රෝද රථයක හිමිකරුවකු කඩුවෙන් කැපීමෙන් පසුව ත්‍රිරෝද රථයට කිසියම් පිරිසක් ගිනි තබා ඇති බවයි.

පසුව එම පාර්ශ්වයේම අයෙකුට අයත් තවත් ත්‍රි රෝද රථයකට ගිනි තබා ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා එක් ත්‍රිරෝද රථයක අයිතිකරු බවයි.

කඩුවකින් කැපීම නිසා තුවාල ලැබූ පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු රෝහල් පොලීසියට ලබා දුන් ප්‍රකාශයක් මත යාපනය පොලිසිය හා අච්චුවේලී පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment