බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ 09 හැවිරිදි ෆාතිමා අයිෂා දැරියගේ මරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට කටයුතු කරන බව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
මේ සාහසික අපරාධය සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටී.
දැරියගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ පවුලට හදපිරි ශෝකය පළකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටී.
චතුර පමුණුව