අටවන බුවනෙක වැඩ අරඹයි

3859

සඳුදා වැටෙන්නෙ සිකුරාදාට නාට්‍යයෙන් පසු චාලක රණසූරිය රචනා කර අධ්‍යක්ෂණය කරනු ලබන ‘අටවන බුවනෙක’ වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල ‘Script house’ ආයතනයේදී පසුගියදා පැවැත්විණි. කාලීන සමාජ දේශපාලන ක්‍රමයේ පවතින ගැටලු අර්බුද සියුම්ව ප්‍රහසනාත්මකව දිගහැරෙන මෙම වේදිකා නාට්‍යය මෙම වසර මැද එළිදැක්වීමට නියමිතය. මෙහි නිෂ්පාදනය දිලූපා නිරෝෂණී ද අල්විස් විසිනි. මේ සඳහා රංගනයෙන් ජගත් චමිල, නයෝමි තක්ෂිලා, අකලංක ප්‍රභාශ්වර, මනෝජා ෆර්ඩිනැන්ඩු දායක වන අතර සංගීතය ලහිරු මාඩිවිල විසිනි. අංගරචනයෙන් ශාලිත ගුණවර්ධන, වේදිකා පසුතල රංග කාරියවසම්, රංගාලෝකය සමන් මලලසේකරගෙනි. වේදිකා පරිපාලනය බුද්ධික රණතුංග සහ යොමාල් චමුපති විසිනි.

අටවන බුවනෙක වැඩ අරඹයි
අටවන බුවනෙක වැඩ අරඹයි

ඡයාරූප – තුෂාර සංජීව


advertistmentadvertistment