අට ශ්‍රේණියේ සිසුවාට ගුරුතුමා ඔළුව තුවාල වෙන්නම ගහලා

144

දරුවා රෝහලේ – පාසල් යන්න බෑ කියයි

මුලතිව් ප්‍රදේශයේ පාසලක අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට ගුරුවරයකු හිසට අමානුෂීය ලෙස පහර දීමක් නිසා එම සිසුවා 9 දා රෝහල් ගත කර තිබේ.

පහර කෑමට ලක්වූ සිසුවාගේ හිසට තුවාල සිදු වීම නිසා ඔහු මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ දෙමව්පියන් පාසලේ විදුහල්පතිවරයාට හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ද මුලතිව් පොලිසියට ද පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය පැමිණිල්ල විභාග කිරීම සඳහා සියලුම පාර්ශ්වයන් පොලිසිය වෙත කැඳවා තිබේ.

ගුරුවරයාගේ ප්‍රහාරයෙන් තුවාල ලබා සිටින සිසුවා යළි පාසල් නොයන බව දෙමව්පියන්ට තරයේම ප්‍රකාශ කර සිටින නිසා ඊට යම් සාධාරණයක් ඉටුකර දෙන ලෙස ද සිසුවාගේ දෙමව්පියන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මුලතිව් පොලිසිය හා කලාප අධ්‍යාපන කාර්යාලය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment