මන්නාරමේ ද්විත්ව ඝාතනයට තවත් බුද්ධි සෙබළෙක් දැලේ
මන්නාරමේ අධිකරණය ඉදිරිපිටදී වෙඩිතබා දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් හමුදා බුද්ධි සෙබළකු මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු වෙඩික්කරුවන්ට ඝාතනයට ලක්වූ පුද්ගලයා ඉලක්ක කිරීම සඳහා අධිකරණයට එමින් සිටි ඔහුට අතට අතදී එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙන අතර ඉන් අනතුරුව වෙඩික්කරුවන් ප්‍රහාරය එල්ල කර තිබේ.
අත්අඩංගුවට පත් තෙවැනි සැකකාර හමුදා සෙබළා වෙඩික්කරුවන්ගේ ඉලක්කය වරදිනු ඇතැයි සැකයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයකුට තමා අතට අතදුන් බවද ඒ අනුව වෙඩික්කරුවෝ දෙදෙනා ඉලක්කය හඳුනාගෙන වෙඩි ප්‍රහාරය එල්ල කළ බවට ද පොලිසියට ප්‍රකාශයක් දෙමින් පවසා තිබේ.
නෝමන් පලිහවඩන