අත්අඩංගුවට ගැනුණු කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇමරිකාවට භාර දීමට යයි

312

කොලොම්බියානු හමුදාවන් විසින් ඉකුත් සෙනසුරාදා (23දා) දිනයේ අත්අඩංගුවට ගනු ලැබූ එරට ප‍්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙන්ම විශාලතම අපරාධ කල්ලියේ නායකයා වන ඩයිරෝ ඇන්ටෝනියෝ උසුගා හෙවත් ‘ඔන්ටියෙල්’ ඇමරිකා එක්සත් ජනපදය වෙත භාර දීමට කොලොම්බියානු රජය විසින් තීරණය කර තිබේ. ‘ඔන්ටියෙල්’ කොලොම්බියානු යුද හමුදාව, ගුවන් හමුදාව හා පොලිසිය ඒකාබද්ධව සිදු කරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනිණි.

‘ඔන්ටියෙල්’ කොලොම්බියාවට මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයටද අත්‍යවශ්‍ය පුද්ගලයෙකු වන අතර ඇමරිකාව විසින් ඔහුගේ හිස සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 5ක මිලක් නියම කර තිබිණි. ඔහු විසින් 2003 සිට 2014 වසර දක්වා කාලය තුළදී ඇමරිකාවට කොකේන් මෙටි‍්‍රක් ටොන් 73ක් ආනයනය කළ බවට චෝදනා එල්ල තිබීම නිසා ඔහු ඇමරිකානු මත්ද්‍රව්‍ය කාර්යාංශයට අත්‍යවශ්‍යම පුද්ගලයන්ගේ ලැයිස්තුවට වසර ගණනාවක් මුළුල්ලේ ඇතුළත්ව සිටින අයෙකි. කොලොම්බියානු ආරක්ෂක ඇමැති ඩියෙගෝ මොලානෝ විසින් එරට පළවන ‘එල් ටියෙම්පෝ’ පුවත්පතට පවසා ඇත්තේ මීළඟට තම කාර්යය වනුයේ ඇමරිකාවට ‘ඔන්ටියෙල්’ භාර දීම බවයි. කොලොම්බියානු පුවත්පත්වලට අනුව අත්අඩංගුවට ගත් ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇමරිකාවට භාර දීම සඳහා මේ වන විට කොලොම්බියාවේ අගනුවර වන බොගාටා නගරයේ පිහිටි හමුදා කඳවුරක රඳවා තැබීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

advertistmentadvertistment