අත්‍යවශ්‍ය සේවාවන්ට ගාල්ල කොටුව සමුපාකාර පිරවුම්හල වෙන් කරයි

190

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ සෞඛ්‍ය සේවාවන් ඇතුළු අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා ගාල්ල කොටුව විවිධ සේවා සමුපාකාර සමිතියේ ඉන්ධන පිරවුම්හල වෙන්කොට ඇති අතර ඉන්ධන පිරවුම්හල අවට ආරක්ෂාව තරකොට තිබිණි. යුධ හමුදා සෙබලුන් හා පොලිස් නිලධාරීන් විසින් ආරක්ෂාව සපයා තිබූ අතර ඊයේ (20දා) දින අත්‍යවශ්‍ය සේවා සඳහා උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට හා සෞඛ්‍ය සේවකයින් සඳහා ප්‍රමුඛත්වය ලබාදී තිබිණි. අත්‍යවශ්‍ය සේවා පෝලිම ද කිලෝමීටරයක් පමණ දුරට විහිදී තිබිණි.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල


advertistmentadvertistment