අතුරු වෛද්‍ය සේවා වර්ජනයෙන් දැඩි අපහසුතා

97


හෙද ,පරිපුරක වෛද්‍ය සේවාවන් ,අතුරු වෛද්‍ය සේවාවන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීන් 16ක් විසින් අද ක්‍රියාත්මක කළ දීපව්‍යාප්ත එක් දින සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රජයේ රෝහල්හි රෝගී සත්කාර සේවාවන් ලේ ,මුත්‍රා ඇතුළු රසායනාගාර සේවාවන් ,බෙහෙත් නිකුත් කිරීමේ කටයුතු ,විකිරණ පරීක්‍ෂණ ඇතුළු සේවාවන් රැසක් අඩාල වී තිබු බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මේ හේතුවෙන් බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ,බෙහෙත් ලබා ගැනීම හා පරීක්‍ෂණ සිදු කරගැනීම සඳහා පැමිණි රෝගීන් විශාල පිරිසක් මෙන්ම නේවාසික රෝගීන් ද දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල සිදු කෙරෙන ඊ සී ජී ,ඊ ඊ ජී පරීක්ෂණ මෙන්ම භෞතවේදී චිකිත්සක සේවාවන්ද අඩපන වී ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ද සිය සේවා කටයුතුවලින් ඉවත්ව සිටීම නිසා ඔවුන්ගේ කාර්යයන්ද අඩාල වී ඇත.

සේවා ඉල්ලීම් 06 ක් මුල් කරගෙන ක්‍රියාත්මක කරන ලද මෙම වර්ජනය අද උදැසන 7 ට ආරම්භ වූ අතර හෙට උදැසන 07 ට අවසන් වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment