අදට වඩා එදා සමාජය තුළ ලොකු කියවීමක් තිබුණා: මහාචාර්ය සෝමරත්න බාලසූරිය

422

“හොඳට හිතා ගන්නවා අහන දේට විතරක් උත්තර දෙනව. නිකම් පණ්ඩිතකම් කතා කරල උගත්කම් පෙන්නන්ඩ ගිහින් මැරුම්කන්ඩ එපා – හොඳට හිතා ගන්නවා මේ ඉන්නෙ කොහේද කියල’’ කරත්තකරු ඒ කිසිවක් තේරුණේ නැතිවාක් මෙන් සිටියේය. ඒ මොහොතේ රාළහාමි වෙනත් කිසියම් කාරණයකට යන්නාක් මෙන් ගොස් විසිවී ගොස් තිබූ පැන අහුලාගෙන නැවතත් තම අසුනේ හරිබරි ගැසී වාඩිවිය. ඊළඟ ප‍්‍රශ්නය කුමක් විය යුතු දැයි ඔහු මඳක් කල්පනා කළේය.

1991 දි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලද ඔහුගේ කරත්තය කෙටිකතා සංග‍්‍රහයේ තැනක එසේ සදහන්ව ඇත. ඒ කරත්තකරුවා ඔහු වන විට ඔහුගෙන් ප‍්‍රශ්න කරන පොලිස්කාරයා බවට මා පත්වූවාද යන සැකය මේ සාකච්ඡුාව පුරාම මට නැගුණි. මහාචාර්ය සෝමරත්න බාලසූරිය සමග මේ සංවාදය සිදුවන්නේ නූතන සාහිත්‍ය භාවිතයේ සියුම් තැන් පරීක්ෂා කරන අටියෙනි.

ප‍්‍රශ්නය – සාහිත්‍ය ශානරයන් කීපයක් ඔස්සේ ප‍්‍රවීණත්වයට පත් වූ ඔබ ලේඛනය පිණිස ආරම්භය ලබාගන්නෙ මොනවගේ පසුබිමක් තුළද?

පිළිතුර – මා පාසල් වියේ සිටම ලේඛනය පිළිබඳව ලොකු ඇල්මක් දක්වන්න ගත්තා. ඒකට හේතුව තමයි අපට උගන්වන ලද ගුරුවරුන් තුළ සාහිත්‍ය පිළිබඳ ලොකු ඇල්මක් කැමැත්තක් පැවතුණා. ඒක ඔවුන්ට පමණක් සීමා වුණේ නෑ. ශිෂ්‍යයන් වූ අපට ඒ දැනුම සම්පේ‍්‍රෂණය කරන්නත් ලොකු මහන්සියක් ගත්තා. විශ්ව සාහිත්‍යයේ හමුවන කීර්තිමත් ලේඛකයන් ගේ කෘතීන් පරිශීලනය කරන්න ඉඩකඩ ලබා දුන්නා. ඒ නිර්මාණ පිළිබඳ සංවාදයේ යෙදුනා. ඒ හරහා කුඩාකළ පටන් මා තුළ සාහිත්‍ය පිළිබඳ උනන්දුවක් ඇති වෙන්න ගත්තා.

අදට වඩා එදා සමාජය තුළ ලොකු කියවීමක් තිබුණා: මහාචාර්ය සෝමරත්න බාලසූරිය

ප‍්‍රශ්නය – ඔබ විසින් රචනා කරන ලද ප‍්‍රථම නවකතාව පිළිබඳ මතකය අවදිකරමින් යමක් පවසන්න පුළුවන්ද?

පිළිතුර – ඔව්… ‘‘ගරාවැටුන බිත්ති’’ කියන නවකතාව තමයි මුලින්ම ග‍්‍රන්ථයක් ආකාරයට පාඨකයන් අතට පත් කළේ. මගේ මතකය නිවැරදි නම් 1962 වර්ෂය තුළ තමයි පොත මුද්‍රණය කරන්නෙ. ආධුනික ලේඛකයෙක් වීම හේතුවෙන් කිසිම ප‍්‍රකාශන ආයතනයක් පොත මුද්‍රණය කිරීමේ කටයුත්ත භාරගත්තේ නෑ. අන්තිමට කර්තෘ ප‍්‍රකාශනයක් ලෙස ඒ නවකතාව පාඨකයන් අතට පත්කරන්න මට හැකියාව ලැබෙනවා. ඒ කාලයේ එම්. ඞී. ගුණසේන සහ සමාගමේ හිමිකාරිත්වය දැරුවේ එම්. ඞී. සිරිසේන මහත්තයා. වසරක් ඇතුළත එතුමා මගේ නවකතාවේ පිටපත් දහසක් පමණ අලෙවි කළා. පිටපත් දෙදහසකින් දහසක් ගුණසේන සහ සමාගම විසින් අලෙවි කළා කියන්නේ ඒ කාලයේ හැටියට හොඳ ප‍්‍රවණතාවයක්. ඒ පිළිබඳව අද කල්පනා කරල බලද්දී මට තේරුම් යන දෙයක් තමයි අදට වඩා එදා ලොකු කියවීමක් සමාජය තුළ තිබුණා කියන කාරණය.

ප‍්‍රශ්නය – ඔය කියන කාල වකවානුව අතර තුර ඔබ විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලබාගන්නවා. ලේඛනය පිණිස ඒ හරහා ලැබූ පන්නරය මොන වගේද?

පිළිතුර – ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල ජීවිතය තුළ අපේ රටේ හිටිය විශිෂ්ට සාහිත්‍යධරයන් හුඟදෙනෙක් හඳුනාගැනීමේ අවස්ථාව ලැබුණා. මෙතනදී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි විමංසා කියන සඟරාව. මේ සඟරාවත් එක්ක මගේ ලොකු සම්බන්ධයක් තිබුණා. ඒ වගේම අපේ රටේ හිටිය ප‍්‍රවීණ විශ්වවිදල ආචාර්යවරු මහාචාර්යවරු විමංසා සඟරාවට නිතර නිතර ලිපි යොමු කිරීමේ යහපත් පුරුද්දක් තිබුණා. මේ සඟරාකරණයත් එක්ක ඔවුන් හා සමීප ඇසුරක් පවත්වන්න මට අවස්ථාව හිමිවෙනවා.

ඔවුන්ගේ ඇසුර මගේ ලේඛන දිවියට ලොකු ආලෝකයක් එකතු කරනවා. එහෙම හඳුනාගත්ත ආචාර්යවරු, මහාචාර්යවරු අතර ආරිය රාජකරුණා, සිරි ගුණසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, විමල් දිසානායක, සරත් අමුණුගම, විමල් අමරසේකර වැනි සාහිත්‍ය පිළිබඳ ලොකු උනන්දුවක් ඇල්මක් ඇති ප‍්‍රවීණ පිරිසක් හිටියා. ඔවුන්ව ඇසුරු කරන්න, ඒ අයත් එක්ක සාකච්ඡුා කරන්න මට අවස්ථාව ලැබුණා.

ආධුනික අපි ලියන කියන දේ පිළිබඳව ඔවුන්ගේ විචාරාක්‍ෂිය යොමුවුණා. උදාහරණයක් විදිහට අපේ රට බිහිකළ ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයකු වන මාර්ටින් වික‍්‍රමසිංහ මහත්තයව අරන් ඒ බව පැහැදිලි කරනවා නම් මගේ මුල්ම නවකතාව පිළිබඳ එතුමා විසින් විචාරයක් සිද්ධ කරනවා. එතුමාට කරන ගෞරවයක් වශයෙන් පසු කාලයක මගේ කෙටිකතා එකතුවක් වන ‘පඳුරු ගසා කිරි වැදිලා’ කියන ග‍්‍රන්ථයේ පසු පිටෙහි ඒ විචාරය පළ කරන්න මා විසින් කටයුතු කරලා තිබෙනවා. මම මේ කියන්න උත්සාහ කරන්නෙ ප‍්‍රවීණයන්ගේ විචාර විවේචන ආදියෙහි පවතින වැදගත්කම පිළිබඳව කතාවක්. එතනදී වැදගත්ම දේ තමයි වැරදි අඩුපාඩු හදාගැනීමට ඒ හරහා අවස්ථාවක් ලැබීම. දෙවැන්න තමයි ප‍්‍රවීණයන්ගේ අවධානය දිනාගන්නා ආධුනික ලේඛකයන් හට ලොකු ප‍්‍රචාරයක් හිමිවීම. මේ කාරණා හරහා යම් නිර්මාණ කටයුත්තක් ඉතා වේගයෙන් පාඨකයන් අතරට ගමන් කරනවා. ඒ අනුව සාහිත්‍ය කටයුත්තේදී විචාරය කියන්නේ ඉතා වැදගත් දෙයක්.

ප‍්‍රශ්නය – අද්‍යතන සාහිත්‍ය ගත්කළ අපේ රටේ සාරවත් හරවත් විචාර කලාවක් දකින්නට ලැබෙනවාද?

පිළිතුර – ඉතාමත් අසාර්ථක නිසරු ගතියක් පමණයි මේ වනවිට විචාර ආදියෙහි දකින්නට ලැබෙන්නෙ. ක‍්‍රමිකව සිදුවූ ගරා වැටීමක ප‍්‍රතිඵලයක් ලෙසයි මම ඒ තත්ත්වය විග‍්‍රහ කරන්නෙ. එදා තරුණ ලේඛකයෙක් ලෙස මම මුහුණ දුන් තවත් අත්දැකීමක් කෙටියෙන් විස්තර කරන්නනම්. ඒ හරහා එදා සහ අද අතර වෙනස හඳුනාගන්න පුළුවන්. මට මතක හැටියට මේ සිද්ධිය වෙන්නෙත් 60 දශකයේදී. ඒ කාලෙ ලංකාදීප පත්තරේ කර්තෘ මණ්ඩලයේ ග‍්‍රන්ථ විවේචනය පිණිසම වෙන් වූ කර්තෘ මණ්ඩල සාමාජිකයෙක් හිටියා. ඔහු නමින් කේ.ඒ.එම්. සිරිසේන. සිරිසේන මහත්තයා දෙස් විදෙස් සාහිත්‍ය පිළිබඳ ප‍්‍රවීණයෙක්. මම මගේ නවකතාවක් අරගෙන එතුමන්ව මුණ ගැසෙන්න යනවා. එවකට ලංකාදීප කර්තෘ මණ්ඩල සාමාජිකයෙක් වූ ධර්මසිරි ජයකොඩි මහත්තයත් මේ ගමනට එකතු වෙනවා. ඔහු විසින් තමයි මාව සිරිසේන මහත්තයාට හඳුන්වල දුන්නේ. සිරිසේන මහත්තයට මා විසින් පොත පිළිගන්වන්න පෙර ඔහු මගෙන් පොත අරගෙන එහෙට මෙහෙට පෙරළලා පොත නැවත මට දෙනවා. ඊට පස්සේ මගෙ මුහුණ දිහා බලලා කියනවා ‘‘හොඳයි… මම විචාරයක් ලියන්නම්’’ කියලා. පොත පිළිගැන්වීම එතෙකින් නිමයි. මම බොහොම කලකිරීමෙන් පත්තර කන්තෝරුවෙන් එළියට බහිනවා. ඔහොම සති දෙකක් පමණ ගත වුණා. සති දෙකකට විතර පස්සෙ මෙන්න මගේ පොත ගැන හොඳ විචාරයක් පත්තරේ පළවෙලා. එහෙම වුණේ කොහොමද කියලා හොයලා බලද්දී මට ආරංචි වෙනවා එතුමා මැකලම් පොත් සාප්පුවට ගිහින් මගේ පොත මිලදී අරන් කියවල බලලා තමයි ඒ විචාරය පළකරල තියෙන්නෙ කියලා. එදා හිටිය විචාරක පිරිස තමන්ගේ කාර්යභාරය ඉටුකළේ එහෙමයි. අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. හැම දෙයක්ම දැවැන්ත වෙනසකට ලක්වෙලා ඉවරයි. සාහිත්‍යයට පවා එයින් මිදෙන්න පුළුවන් කමක් නෑ.

ප‍්‍රශ්නය – ඔය අතරේ උසස් අධ්‍යාපනය පිණිස ඔබ විදේශ ගත වෙනවා.

පිළිතුර – ඔව්. මම පැරිසියේ සෝබෝන් විශ්වවිදලයට ඇතුළත් වෙනවා. එතැනදී ප‍්‍රංශ සාහිත්‍ය හා සංස්කෘතිය මට විවෘත වෙනවා. පැරිසිය කියන්නේ කලාව, සාහිත්‍යට වෙනම ලෝකයක් වගේ තැනක්. ඒවා ඇසුරු කරමින් ඉන්න අතරේ ප‍්‍රංශ සාහිත්‍ය කෙරෙහි මගේ සිත තදින් ඇදිල යන්න ගත්තා. ඇල්බෙයා කැමූ ඇතුළු විශ්ව කීර්තිධර සාහිත්‍යකරුවන් කීපදෙනෙකුගේ පොතපත ගැඹුරින් පරිශීලනය කරන්න මා පෙළඹුණා. මේ හැදෑරීම කරගෙන යනකොට මට තේරුම් ගියා Albert Camus ගේ කෘතියක් සිංහලය පරිවර්තනය කළ යුතුයි කියලා. මොකද ඒ කෘතිය අපේ තරුණ පරපුරට එහෙමත් නැත්නම් අපේ රටට බොහෝ සේ අදාළ කෘතියක් කියන සිතුවිල්ල මා තුළ පැවතුණා. ‘පිටස්තරයා’ කියන පරිවර්තන කෘතිය අපේ සාහිත්‍ය සමාජයට එක්වුණේ එහෙමයි.

ප‍්‍රශ්නය – පසු කලෙක මෙරට සිදු වූ තරුණ නැ`ගිටීම පිණිස ඔබ විසින් පරිවර්තනය කරන ලද පිටස්තරයා කෘතිය අඩු වැඩි වශයෙන් බලපෑමක් සිදු කළ බවට විශ්වාසයක් ඔබ තුළ පවතිනවා ද?

පිළිතුර -71 තරුණ කැරැල්ල සිදු වූ අවධිය වනවිට ‘පිටස්තරයා’ කෘතිය පරිවර්තනය වී තිබුණේ නැහැ. මගේ මතකයට අනුව 1974 වර්ෂයේ තමයි පොත මුද්‍රණයෙන් නිකුත් වෙන්නෙ. නමුත් කැරැුල්ලට සම්බන්ධ නායකයන් කීපදෙනෙක් පසු කාලයක මා සමඟ පවසා සිටියා පිටස්තරයා කියවීම ඒ අය තුළ ලොකු උත්තේජනයක් ඇතිකළ කරුණක් බවට පත්වුණා කියල.

ප‍්‍රශ්නය – ඔබ වාමවාදී අදහස් සහිත නිර්මාණකරුවෙක්. වමට බර ගමනක් සඳහා යොමු වුණේ මොන ආකාරයෙන්ද?

පිළිතුර – ඒකට ප‍්‍රධාන හේතුව තමයි මම ප‍්‍රංශයට යද්දී ඒ රටේ පැවැති ශිෂ්‍ය අරගලය. ප‍්‍රංශ ආණ්ඩුවට එල්ල කළ දැවැන්තම ශිෂ්‍ය අරගලය ලෙසත් එය හඳුන්වන්න පුළුවන්. ශිෂ්‍ය අරගල, සමාජ නැ`ගිටීම පිළිබඳ දසදහස් ගණනින් පොතපත මුද්‍රණය වෙන්න ගත්තා. ඒ හරහා අලූත් චින්තනයක අවශ්‍යතාවය පෙන්වල දුන්නා. මිනිසාගේ යහපැවැත්ම පිණිස දැනුම මූලික, නිදහස මූලික ගමනක් අවශ්‍යයි කියන පණිවිඩය ඒ හරහා නිකුත් වෙන්න ගත්තා. නිර්මාණකරුවෙක් ලෙස ආරම්භයේ ඉඳලම වෙනස් කෝණයකින් සමාජය දිහා බලන්න ඒ සමාජයට යම් පණිවුඩයක් ලබා දෙන්න මා පෙළඹුණේ ඉහත සඳහන් කළ කාරණා හේතුවෙන්න ඇති කියලා මා විශ්වාස කරනවා.

ප‍්‍රශ්නය – ඒ ආභාසයට අනුව යමින් ඔබ විසින් රචනා කරන ලද ස්වතන්ත‍්‍ර නිර්මාණ පිළිබඳ යම් හැඳින්වීමක් කරනවා නම්.

පිළිතුර – කරත්තය කෙටි කතාව ගත්තොත් තරමක් ඒ ආභාසය දැකගන්න පුළුවන්. ‘වප්ම`ගුල’ නව කතාව හරහා සංවර්ධනයේ නාමයෙන් සිදු කළ ප්‍රෝඩාවන්ට මා විසින් ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කරනවා. ඊට අමතරව ගත්තොත් මා විසින් කරන ලද සෑම නිර්මාණ කටයුත්තකම අඩු වැඩි වශයෙන් මේ සමාජ ක‍්‍රමය, ඒ තුළ අසන්නට දකින්නට ලැබෙන අගතිගාමී ලක්‍ෂණ ආදිය පිළිබඳව ප‍්‍රශ්න කරනවා. ඒ දේවල් නිවැරදි විය යුතුයි කියන මතය සමාජගත කරනවා.

ප‍්‍රශ්නය – එවැනි ආඛ්‍යයනයක් තෝරා ගැනීම ඔබේ ගමනට යම් යම් බලපෑම් එල්ල වීම පිණිස බලපෑවෙ නැද්ද?

පිළිතුර – තද බලපෑම් එල්ල වුණා. ‘වප්ම`ගුල’ නවකතාව ඒ කාලේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය පිණිස ඉදිරිපත් කරනවා. ප‍්‍රකාශකයන් විසින් තමයි පොත ඒ සඳහා යොමු කරල තිබෙන්නෙ. නමුත් ඒ පොත පැත්තකින් තියලා තමයි පොත් තෝරල තිබෙන්නෙ. උත්ප‍්‍රාසයට කරුණ තමයි, ඒ පොතේම ඉංග‍්‍රීසි සහ දෙමළ පරිවර්තන සඳහා සම්මාන හිමිවීම. එහෙම දේවල් එදත් සිද්ධ වුණා. අදත් සිද්ධ වෙනවා ඇති.

ප‍්‍රශ්නය – මෙරට තුළ වාර්ෂිකව සිදු කරන සාහිත්‍ය සම්මාන, සහතික ප‍්‍රධානයන් ආදිය පිළිබඳව ඔබේ මතය.

පිළිතුර – ඇත්ත වශයෙන්ම සාහිත්‍ය උත්සව පැවැත්වීම සම්මාන පිරිනැමීම වගේ දේවල් ලෝකයේම සිද්ධ වෙන දෙයක්. ඒ හරහා ලේඛක ලේඛිකාවන් වෙත යම් පිළිගැනීමක් සහ ආදායමක් ලැබෙනවා. නමුත් මේ හැම කටයුත්තකදීම දැන් දැන් වාණිජමය පැත්තක් ඉස්මතු වෙන ආකාරයක් දකින්න පුළුවන්. ඒ හරහා අනවශ්‍ය තරගකාරී බවක් ක්‍ෂේත‍්‍රය තුළ නිතැතින්ම ඇති වෙනවා. ඒක හොඳ තත්ත්වයක් නොවෙයි. කඩිමුඩියේ නව කතාවක් හෝ කෙටි කතා සංග‍්‍රහයක් පළ කරලා ඒක තරගයක් සඳහා ඉදිරිපත් කරනවා නම් ඒක සාර්ථක නිර්මාණ කටයුත්තක් කියලා මා විශ්වාස කරන්නෙ නෑ. අපේ රටේ නවකතාව ගත්තොත් විරාගය, ගම්පෙරළිය රචනා කළ අවධියේ සිට 80 දශකය පමණ වනතුරු ඉතා උසස් නවකතා කලාවක් පැවතුණා. ඒ වගේම 70 දශකය ගත්තොත් සංගීතය, සාහිත්‍ය නාට්‍ය ආදී සියල්ලෙහිම හොඳම අවධිය ලෙස හඳුන්වන්න පුළුවන්.

ප‍්‍රශ්නය – මෙරට සාහිත්‍ය උත්සව කීපයක් ගත්විට වසරේ හොඳම නවකතාවට හිමි සම්මානය පොත් කීපයක් උදෙසා පිරිනමන ආකාරයක් දැක ගන්න පුළුවන්. මේ තත්ත්වය විග‍්‍රහකර ගන්නෙ කොහොමද?

පිළිතුර – හරිනම් එහෙම වෙන්න බැහැ. එහෙම තත්ත්වයක් ඇතිවීමට ප‍්‍රධාන හේතුව බවට පත් වෙන්නෙ ඒ ඒ සම්මාන ප‍්‍රධානයන් පිණිස තෝරා ගන්නා විනිශ්චය මණ්ඩල නිවැරදි නිර්ණායක මත නොපිහිටා කටයුතු කිරීමයි කියලා තමයි මම විශ්වාස කරන්නෙ.

සම්මාන උළෙලක විනිශ්චය මණ්ඩලය කණ්ඩායම් කීපයකින් යුක්තයි. ඒ එක් එක් කණ්ඩායම් අතට යද්දී ඉතා උසස් ගනයේ ග‍්‍රන්ථ පිළිබඳ නිසි අවධානය යොමු නොවන ආකාරයක් දකින්නට ලැබෙනවා. කතුවරයාගේ නම බලල ඊට අමතරව පෙරවදන කියවලා ඒ අය නිගමනවලට එනවා. ඒ තත්ත්වය තුළ ඉතා හොඳ කෘති පළමු වටයෙන්ම ඉවතට වීසි වෙනවා. ලේඛකයගේ නම බලලා එහෙම නැත්නම් පසුවදන හෝ පෙරවදන පමණක් කියවල ග‍්‍රන්ථ විනිශ්චය කරන්නට යෑම හරහා තමයි මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න ප‍්‍රධාන වශයෙන්ම බලපාල තිබෙන්නෙ.

ප‍්‍රශ්නය – එවැනි තත්ත්වයක් තුළ හොඳ පොතක් තෝරා ගැනීමේදී පාඨකයා අතරමං වීමක් සිද්ධ වෙන්නෙ නැද්ද?

පිළිතුර – මේ තත්ත්වය යටතේ තෝරා ගැනීමක් හා සංසදනය කිරීමක් පාඨකයා විසින්ම සිදු කළ යුතුයි. දේශීය සාහිත්‍යය මෙන්ම විශ්ව සාහිත්‍යය පිළිබඳවත් හොඳින් ඇසුරු කළ කෙනෙකුට ඒ දෙය නිවැරදිව කළ හැකියි. විචාර බුද්ධියක් සහිත අයෙක් නම් පොතක් තෝරා ගැනීමේදී ඒ ආකාරයෙන් කටයුතු කරන බව දකින්නට ලැබෙනවා. ඔබ මීට පෙරත් සඳහන් කළ පරිදි අපේ රටේ සාර්ථක විචාරක කලාවක් නොතිබීමත් හොඳ පොතක් තෝරා ගැනීමේදී මතුවන තවත් ගැටලූවක් බවත් සඳහන් කළ යුතුමයි.

ප‍්‍රශ්නය – මෙවර පවත්වන ලද ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ නිර්දේශීත අවසන් කෘතීන් පහ සඳහා ඔබ විසින් රචිත ‘මුක්ති’ නව කතාව ඇතුළත් වෙනවා. බොහෝ දෙනෙක් විශ්වාස කළ කරුණක් තමයි ‘මුක්ති’ සම්මානයට පාත‍්‍ර වෙයි කියන කාරණය. නමුත් එය එසේ වූවේ නැහැ.

පිළිතුර – ඒකට මගේ පැත්තෙන් දෙන්න වෙන්නෙ මෙහෙම උත්තරයක්. මම මේ කෘතිය හෝ වෙනත් කිසිම කෘතියක් තරගයක් පිණිස රචනා කරල නැහැ. ඒක මගේ මාදිලිය නොවෙයි. නමුත් ප‍්‍රකාශකයන් විසින් ‘මුක්ති’ ඒ සඳහා යොමු කරලා තිබුණා. මගෙනුත් බොහෝ දෙනෙක් මේ ගැන විමසුව, හොඳ ප‍්‍රතිචාර දක්වනවා. ඒක කවදත් සිද්ධ වූ දෙයක්. ඒ නිසා සම්මානයට පත්වීම, නොවීම පිළිබඳ මට ලොකු හැ`ගීමක් දැනෙන්නෙ නෑ. නමුත් මා දැනට දන්නා කරුණක් තමයි මගේ ‘මුක්ති’ නව කතාව ඉතා වේගයෙන් පාඨකයන් අතට පත් වෙනවා කියන කාරණය. ඒ පිළිබඳව මට සතුටක් දැනෙනවා. අවසන් කෘතීන් පහ විනිශ්චයට ලක්කළ විනිශ්චය මණ්ඩලය ගත්තොත් ඔවුන් පිළිබඳව මට ඒ හැටි අවබෝධයක් නෑ. එතැන අචාර්වරු මහාචාර්යවරු ඉඳල තියෙනවා. ඒ අයගේ රුචි අරුචිකම අනුව අවසන් විනිශ්චය සිද්ධ වෙන්න ඇති කියලා මා විශ්වාස කරනවා.

සංවාදය රුවන් ජයවර්ධන

අදට වඩා එදා සමාජය තුළ ලොකු කියවීමක් තිබුණා: මහාචාර්ය සෝමරත්න බාලසූරිය
advertistmentadvertistment
advertistmentadvertistment