ඉන්දියාවේ ධනවත්ම ව්‍යාපාරිකයා බවට නැවත වරක් පත්වීමට ගෞතම් අදානි සමත්ව ඇත.එරට හින්දෙන්බර්ග් සමීක්ෂණ වාර්තා අනුව ඔහු ගුජරාට් ප්‍රාන්තයේ වෙසෙන ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරිකයෙක් වන මුක්ෂ් අම්බානි අභිබවා යෑමට සමත්ව තිබේ.අදානිගේ 2023 වසරේ වත්කම ඉන්දීය රුපියල් ට්‍රිලියන 11.6ක් දක්වා ඉහළ ගොස් ඇත.එය සියයට 95% වර්ධනයකි.අම්බානිගේ ආදායම පසුගිය වසරේ දී සියයට 25%කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඔහුගේ වත්කම ඉන්දීය රුපියල් ට්‍රිලියන 10.14කි. ඉන්දීය සිනමා නළුනිළින් අතර වැඩිම වත්කමක් ඇති පුද්ගලයා බවට ෂාරුක් ඛාන් පත්ව ඇත.ඔහුගේ වත්කම ඉන්දීය රුපියල් බිලියන 73කි.දෙවැනි තැනට පත්ව සිටින්නේ ජූහි චවුලාය.ඇයගේ වත්කම ඉන්දීය රුපියල් බිලියන 46කි.
|