අදානි ඊශ්‍රායලයේ හයිපා වරාය මිලයට ගනී

104

ඉන්දියාවේ සුපිරි කෝටිපතියාවූ ගෞතම් අදානි ඊශ්‍රායලයේ උපාය මාර්ගික හයිපා වරාය මිලයට ගෙන ඇත. ඩොලර් බිලියන 1.18 කට ඔහු එම වරාය

මිලයට ගෙන තිබේ. අදානිගේ වත්කම ඩොලර් බිලියන 113 කි.

ඊශ්‍රායල් ගැරට්ස් පුවත්පත පැවසුවේ අදානි හයිපා වරාය මිලයට ගැනීම ගැන ඊශ්‍රායල් රජය එකඟවූ බවය. ඊශ්‍රායල් රජය සතු හයිපා වරාය පුද්ගලීකරණය කිරීමට ඊශ්‍රායල් බලධාරීන් තීරණය කර තිබුණි. ඔහු එම වරාය මිලයට ගෙන ඇත්තේ ගැඩොට් සමාගම හා එක්ව බව වාර්තාවෙයි.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment