අද අකුණු අවදානමක්

77

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.

ඒ අනුව අද පස්වරු 01ට නිකුත් කරන ලද එම නිවේනදය අද රාත්‍රී 11 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත් සහ අම්පාර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එමගින් වැඩිදුරටත් සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකග අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේග


advertistmentadvertistment