මගේ මැතිවරණ ව්‍යාපාරය බස්නැවතුම්පොළවල, පොළවල්වල මහ පාරේ ජනතාව අතරට ගිහින් කළා. මම ඉල්ලුවේ අවංකව සිතා තීන්දුවක් ගන්න කියලයි. ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක ඊයේ (17දා) පැවසීය.
නුගේගොඩදී අදහස් දැක්වූ ඔහු අද රටේ අවංක මහජන සේවයක් කරන අයට රාජ්‍ය නිලධාරීන්ට තම වගකීම ඉටු කරන්නට බාධා තිබෙනවා. මේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය ඊට බලපා තිබෙනවා.
විදුලි බිල වැඩි කරන්නට එදා ආණ්ඩුව හිතුවක්කාර විදිහට කටයුතු කරද්දී මම විරුද්ධ වුණා. අන්තිමේ මහජනතාව වෙනුවෙන් කතා කළ මට ගෙදර යන්න වුණා. මම ඇත්ත කතා කරලා ගෙදර ගියා. මේ රටේ දූෂණයෙන් තොර රටක් හදන්න රාජ්‍ය පරිපාලනය ගැන දන්න මා වැනි ව්‍යවසායකයකුට ඉඩ දෙන්නැයි ඉල්ලනවා යැයි ද ඔහු කීය.