හෙට – අනිද්දා කැපේ
අද (12දා) පෝය දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා ඊයේ (11දා) පැවසීය. හෙට සහ අනිද්දා (13 සහ 14) පැය එකහමාර බැගින් විසන්ධි කිරීමට නියමිත බවද ඒ මහතා කීය.
පසුගිය ඉරිදා (09දා) පානදුර විදුලි උප පොළේ ඇතිවූ සිද්ධියක් හේතුවෙන් දිවයින පුරා පැය කිහිපයක් විදුලි ඇනහිටි අතර අනතුරුව දිවයින පුරාම විදුලිබලය ලබාදීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබිණි.
විදුලිබලය ඇනහිටීම විදුලිබල පද්ධතියේ සමබරතාව නොමැතිවීම නිසා සිදුව තිබූ බවත් එම නිසා නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේද යන්ත්‍ර තුනම අක්‍රියවී ඇති බවත් විදුලිබල මණ්ඩලය විසින් නිවේදනය කර තිබුණි.
එම යන්ත්‍ර තුන යථා තත්ත්වයට පත්කර ගැනීම ලබන සිකුරාදා (14දා) වනවිට හැකිවනු ඇතැයි බලාගාර ඉංජිනේරුවන් විශ්වාසය පළ කරන අතර, එය යථා තත්ත්වයට පත්කර ගතහොත් විදුලිය විසන්ධි කිරීම නතර කිරීමට විදුලිබල මණ්ඩලය අදහස් කරයි.
පැය එකහමාර බැගින් විදුලිය විසන්ධි කිරීම දිවයිනම ආවරණය වන පරිදි කාණ්ඩ හතරක් යටතේ සිදු කෙරේ.
චමින්ද සිල්වා