අද කොළඹ  ආරක්‍ෂාව දැඩි කරයි

249

කොළඹ නගරයේ ආරක්‍ෂාව අද (09 වැනිදා) දින තරකර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවැසීය.

රජයට විරෝධය පළකරමින් අරගලකරුවන් විසින් අද දින විරෝධතා පෙළපාලියක් පැවැත්වීමට සූදානම් කර ඇති බැවින් මෙසේ කොළඹ ආරක්‍ෂාව තර කිරීමට කටයුතු කළ බව පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය.

පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව කොළඹ ආරක්‍ෂාව සඳහා යොදවා ඇත.

ඊට අමතරව කැරළි මර්දන ඒකකය ජල ප්‍රහාරක රථ, කඳුළු ගෑස් ප්‍රහාරක කණ්ඩායම් ද සීරුවෙන් තබා ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.

ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලය සහ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල ආරක්‍ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබේ.

කොළඹ ආරක්‍ෂාව සඳහා පිට පළාත්වලින් විශේෂ පොලිස් කණ්ඩායම් රාශියක් කොළඹට කැඳවා ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment