අද දවල්ට තද වැසි

172

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල අද (27 වැනිදා) පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසිද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.

උතුරු සහ උතුරු මැද පළාත්වලත්, ති‍්‍රකුණාමලය ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට නැගෙනහිර දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවැති අඩු පීඩන තත්ත්වය පහළ වායු ගෝලීය කැළඹිලි ස්වභාවයක් දක්වා දුර්වල වී දිවයින ආසන්නයේ තවදුරටත් ස්ථානගතව පවතී.

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර

වායුගෝලීය තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සම`ග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණුමගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විiා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment