දුම්රිය එංජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන්වාර 35ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසා සිටියේ වැඩවර්ජනය තුන්වන දිනටත් අද ක්‍රියාත්මක වන බවය.
දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීමල බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 06 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කළේය.