අද විවෘත වන බෞද්ධ පුරවරයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ කුෂිනගර් (කුසිනාරා)

253

ගුවන්තොටුපළ විවෘත කරන සමාරම්භක උළෙලේදී ශ‍්‍රී ලංකාවේ පළමු ගුවන්යානයේ පැමිණෙන්නේ සියයට අධික මහා සංඝරත්නයයි

 බුදුන්වහන්සේ  පරිනිර්වානයට පත්වූවේ මෙම ඓතිහාසික නගරයේ ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු කුෂිනගර් දියාරියා දිස්ත‍්‍රික්කයට අයත් වූ අතර 1994 මැයි 13 දා කුෂිනගර් උත්තර ප‍්‍රදේශයට අයත් විය

 1876 වසරේදී ගවේෂණ මිනින්දෝරු සී.අයි. කාලයිල් සිදුකළ පුරාවිද්‍යා ගවේෂණවලදී ප‍්‍රධාන  ස්ථූපය සොයාගනු ලැබීය.

අද විවෘත වන බෞද්ධ පුරවරයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ කුෂිනගර් (කුසිනාරා)
මහා පරිනිර්වාණ විහාරය

 කුෂිනගර් ගුවන්තොටුපළ

 බුදුන්වහන්සේ පිරිනිවන් පෑ කුෂිනගර් (කුසිනාරා) ජාත්‍යන්තර ගුවන්තොටුපළ (ඔක්තෝම්බර් 20) අද විවෘත වේ. මෙය ඉන්දියාවේ 29 වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළයි. මෙම ගුවන්තොටුපළ නේපාල දේශසීමාවට සමීපව පිහිටා ඇත. ඉන්දීය රුපියල් කෝටි 354 ක් වැය කර ඉදිකරන ලද මෙම ගුවන් තොටුපළේ ධාවන පථය කි.මි. 3.2 කින් යුක්ත වේ. එය අඩි 40000 කට සමානය. මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත බොයින් 737-900 වර්ගයේ යානා ගොඩබැස්සිය හැක. ඉන්දීය මාධ්‍ය මේ අන්තර් ජාතික ගුවන්තොටුපළ හඳුන්වනු ලැබුවේ බෞද්ධ සංකේතය ලෙසිනි.

 මෙම ගුවන්තොටුපළ තුළින් මෙරට බෞද්ධ ඉතිහාසය ජීවමාන වීම ලොව පුරා සිටින බෞද්ධ ජනතාවගේ ඇගයීමට ලක් වී ඇත. මුහුදු මට්ටමින් අඩි 261 ක් උසින් පිහිටා ඇති කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ එක් ධාවන පථයකින් යුක්ත වේ.

 2020 ජුනි මසදී මෙම ගුවන්තොටුපළට ජාත්‍යන්තර තත්ත්වය හිමි විය. ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (20 දා) කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කරන අතර එහි ඉදිකරන වෛi විද්‍යාලයක් සඳහා මුල්ගල තැබීමට ද නියමිතය. ඩිජිටල් තාක්‍ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, යෞවන හා කී‍්‍රඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්‍ෂණ අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමේ උත්සවයට විශේෂ ආරාධිතයා වශයෙන් සහභාගී වනු ඇත. ගුවන්තොටුපළ විවෘත කරන සමාරම්භක උළෙලේදී ශ‍්‍රී ලංකාවේ පළමු ගුවන්යානයේ පැමිණෙන්නේ සියයට අධික මහා සංඝරත්නයයි. මෙය පළමු බෞද්ධ වන්දනා පිරිස රැුගත් යානාව වේ. කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘතකිරීමේ

 අවස්ථාවට සමගාමීව ශ‍්‍රී ලංකාවේ මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව ශ‍්‍රී ලංකාවේ ජනතාව විසින් ඉන්දියාවේ ජනතාවට ඉදිරිපත් කරන ලද ඓතිහාසික ඡුායාරූප දෙකක් ද එහි දී විවෘත කිරීමට නියමිතය. ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාගේ යෝජනාවක් මත මෙම ඡායාරූප ස්ථාපනය කිරීමට මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන ඇත. බුදුන්ගේ තෙවන ශ‍්‍රී ලංකා සංචාරය සිදු වූ  ස්ථානය ලෙස සැලකෙන කැලණිය රජමහා විහාරයේදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට චිත‍්‍ර ශිල්පියෙකු වූ සෝලියස් මෙන්ඩිස් (1897-1975) විසින් පින්තාරු කරන ලද බිතු සිතුවම් දෙකක් මෙම ඡායාරූපවල ඇත. මෙම ඡායාරූප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඡායාරූප ශිල්පී අර්ජුන සමරවීර මහතා පිටපත් කර ඇති අතර එහි අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ සම්බන්ධීකරණය මෙයට ලැබී තිබේ.

 ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම අධිරාජ්‍යයා වූ බෞද්ධ පාලකයා වූ ධර්මාශෝක බුදුන්වහන්සේගේ ධර්මය හඳුන්වාදීම හා ව්‍යාප්ත කිරීම සඳහා තම පුත‍්‍රයා සහ දියණිය යන දෙදෙනාම ලංකාවට එවන ලදී. පළමු බිතු සිතුවමේ දැක්වෙන්නේ අශෝක අධිරාජ්‍යයාගේ පුත‍්‍රයා වූ මිහිඳු රහත් භික්ෂුව දිවයිනට වැඩම කළ විට ශ‍්‍රී ලංකාවේ දේවානම්පියතිස්ස රජුට බුද්ධ පණිවිඩය ලබාදෙන අයුරුය. දෙවන බිතු සිතුවමේ දැක්වෙන්නේ ගෞතම සිද්ධාර්ථ බුද්ධත්වයට පත් වූ ශ‍්‍රී මහා බෝධි වෘක්‍ෂයේ දකුණු ශාඛාව රැුගෙන අශෝක අධිරාජ්‍යාගේ දියණිය වන භික්ෂුණි සංඝමිත්තා ලංකාවට පැමිණීමයි. ක‍්‍රි. පු.249 දී ශ‍්‍රී ලංකාවේ පුරාණ අගනුවර වූ අනුරාධපුරයේ රෝපණය කරන ලද බෝධිය සහස‍්‍ර දෙකකට වැඩි කාලයක් පවතී. මෙම වෘක්‍ෂය ලොව ෙඓතිහාසිකව වාර්තා වූ පැරණිතම වෘක්ෂය ලෙස සැලකෙන අතර ලොව පුරා බෞද්ධ ජනතාවගේ මහත් ගෞරවයට පාත‍්‍ර වී තිබේ. ක‍්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී සිදු වූ මෙම සිදුවීම් ශී‍්‍ර ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරයේ ආරම්භය සනිටුහන් කළ අතර ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති ශක්තිමත් හා නොබිඳිය හැකි ශිෂ්ටාචාරී සබඳතා සංකේතවත් කරයි.

 මේ අතර කුෂිනගර් යනු පැරණි කුසිනාරා නුවරයි. බුදුන්වහන්සේ මහා පරිනිර්වානය පෑවේ මෙම ෙඓතිහාසික නගරයේය. 1876 වසරේදී ගවේෂණ මිනින්දෝරු සී.අයි. කාලයිල් සිදුකළ පුරාවිද්‍යා ගවේෂණවලදී ප‍්‍රධාන ස්ථූපය  සොයාගනු ලැබීය.

 ඉන්දීය ඉතිහාස වාර්තා අනූව උත්තර් ප‍්‍රාන්තයේ පිහිටි මෙම කුෂිනගර් හී ජනග‍්‍රහණය 22214කි. හින්දි නිල භාෂාව ලෙස ද ප‍්‍රාන්ත භාෂාව ලෙස බෝප්පූර් භාෂාව ද භාවිතා කෙරේ. කුෂිනගර් හි මීටර් 6.10 ක් උසැති පරිනිර්වාණ ස්ථුපය, නිර්වාණ චෛත්‍ය, ෂිබාඞ්ගාර් වන්දනාමාන ස්ථානය ප‍්‍රසිද්ධියට පත්ව තිබේ. අද කුෂිනගර් ලෙස හඳුන්වන නගරය අතීතයේ කුසාවත් ලෙස හැඳින් විණි. මධ්‍යයතන යුගයේදී කුල්කූර් රජවරුන්ගේ රජ දහනක් විය. ඉන්දියාවේ ප‍්‍රථම පුරා විද්‍යා ගවේෂණ ඇලෙක්සැන්ඩර් කනින් හැම්ගේ මග පෙන්වීම යටතේ කුෂිනගර් හි ප‍්‍රධාන ස්ථුපය එළි දැක්වුණි. ඉන්දීය ඉතිහාසයට අනුව කුෂිනගර් කෝසල රාජධානියේ අගනුවර විය. රාමායනයට අනුව කුෂිනගර් ඉදිකරන ලද්දේ කුෂර් රජුයි. ඔහු රාමාගේ පුත‍්‍රයායි. එහෙත් බෞද්ධ ඉතිහාසයේ දක්වා ඇත්තේ කුෂ් රජුට පෙර එය කුෂාවති ලෙස නම් කර තිබූ බවයි. මල්ලා ජනතාවගේ

 අගනුවර වූ කුෂිනාරා 15 වැනි සියවසේදී රාජ්පුත් ගවේෂක මදර් සිං විසින් පාලය කර ඇත. 1903 දී බෞද්ධ භික්ෂුවක් වූ චන්ද්‍රස්වාමි ඉන්දියාවට පැමිණ මහා පරි නිර්වාණ විහාරය නගාසිටුවීමට ක‍්‍රියාකර ඇත. ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු කුෂිනගර් දියාරියා දිස්ත‍්‍රික්කයට අයත් වූ අතර 1994 මැයි 13 දා කුෂිනගර් උත්තර ප‍්‍රදේශයට අයත් විය.

 කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment