අද විශ්‍රාම යන පොලිසියේ ජ්‍යෙෂ්ඨයින්

692

වයස අවුරුදු 60 සම්පූර්ණවීම හේතුවෙන් ජ්‍යෙෂ්‍ඨ පොලිස් නිලධාරින් 11 දෙනෙකු අද (31) දිනයේ සිට විශ්‍රාම ගැනීමට නියමිතය.පොලිස් මූලස්ථානය සඳහන් කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනෙකු මෙලෙස විශ්‍රාම යාමට නියමිත බවය.ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එෆ්.යූ ප්‍රනාන්දු අද දිනයේ සිට විශ්‍රාම යාමට නියමිතව ඇත.ඊට අමතරව ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඔගස්ටස් පෙරේරා, වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්.යූ විජිත ගුණරත්න, ප්‍රජා පොලිස් සහ ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර අද දිනයේ සිට විශ්‍රාම යාමට නියමිතය.කෑගල්ල දිසාව භාර චම්පික සිරිවර්ධන, බදුල්ල දිසාව භාර කිත්සිරි ජයලාල් අපෝන්සු, කළුතර දිසාව භාර එස්.ඩී.එස්.පී සන්දනායක, නුවරඑළිය දිසාව භාර එච්.එස්.එන් පීරිස් සහ බස්නාහිර උතුරු අපරාධ දිසාව භාර ප්‍රිෂාන්ත ජයකොඩි යන නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද විශ්‍රාමයාමට නියමිත බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.


advertistmentadvertistment