ඇමරිකා එක්සත් ජනපදයේ සේවය කරන පෝලන්ත සමාජ විද්‍යාඥයකු වන මහාචාර්ය ලෙස්සෙක් සිබිල්ස්කි ලෝක පාපැදි දිනයේ පියා ලෙස හැඳින්වේ. මහාචාර්ය ලෙස්සෙක් සිබිල්ස්කි පෝලන්ත ජාතික පාපැදි කණ්ඩායමේ සාමාජිකයකු මෙන්ම ක්‍රීඩා වාර්තාකරුවෙක් වෙයි. ඔහු ලෝක පාපැදි දිනයක් ඇරඹුම සඳහා එක්සත් ජාතීන්ගේ යෝජනාවක් ප්‍රවර්ධනය කිරීමට ඔහුගේ සමාජ විද්‍යා පන්තියේ සිසුන්ගේ ද සහාය ඇතිව ව්‍යාපාරයක් ආරම්භ කළේය. මෙම ව්‍යාපාරය වේගවත්ව ව්‍යාප්ත වූ අතර තුර්කිය සහ තවත් රටවල් 56 ක සහාය ලැබිණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පාපැදි සහ බයිසිකල් පැදීම සැමරීමට සහ ප්‍රවර්ධනය කිරීමට වෙනම දිනයක් තෝරා සම්මත කර ගත්තේය. ඒ අනුව ජුනි 3 ලෝක පාපැදි දිනය ලෙස තෝරා ගත් අතර එය ප්‍රථමයෙන් 2018 ජුනි 3 දින සමරනු ලැබීය. සියවස් දෙකක කාලයක සිට භාවිත කරන බයිසිකලයේ සුවිශේෂත්වය, කල්පැවැත්ම, බහුකාර්යතාව සහ සරල බව, විශ්වාසදායක, පිරිසිදු සහ පරිසර හිතකාමී බව හඳුනාගැනීම, මෙම දිනයේ වැදගත්කම ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
විශේෂයෙන් දියවැඩියාව ඇති පුද්ගලයන් පාපැදිය භාවිතා කිරීමෙන් ඉතා සුවපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදාකර ගත හැකි බව ද එම සංවිධානය නිවේදනය කරයි.
හර්ෂණ ජයතිලක