අද (02දා) සිට නැවත විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.
ඒ අනුව අද සහ හෙට (02 සහ 03) දහවල් කාලයේ පැය 02 ක් බැගින්ද, 04 වැනිදා දහවල් පැය 01 ක් සහ 05 වැනිදා විදුලිය විසන්ධි නොකිරීමටද මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ. මෙතෙක් පැවැති සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවූ අතර ඊයේ (01දා) සා.පෙළ විභාගය අවසන් වීමත් සමඟ නැවත විදුලි කප්පාදුවට පියවර ගෙන තිබේ. බලාගාර ආශ්රිත ප්‍රදේශවලට වර්ෂාව ලැබීම නිසා ජල විදුලිය උපරිම ලෙස ලැබෙන අතර ඉන්ධන හිඟය හේතුවෙන් තාප බලාගාර කිහිපයක් ක්‍රියාත්මක නොවීම නිසා තවදුරටත් විදුලි කප්පාදුව සිදුව තිබේ.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ යන්ත්‍ර දෙකක් වසර 06 කට වරක් සිදු කළ යුතු අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා නවතා දැමීමට සිදුවන නිසා දැනට පවතින විදුලි කප්පාදුවේ පැය ගණන තවත් වැඩිවිය හැකි බව විදුලි ඉංජිනේරුවෝ පවසති. එම යන්ත්‍ර දෙක, එකක වැඩ අවසන් කර අනෙක් යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු සඳහා නතර කිරීමට සිදුවන බවත් එක් යන්ත්‍රයක් අලුත්වැඩියා කර නැවත විදුලිය නිපදවීම සඳහා දින 75 ක් පමණ ගතවන බවත් ඔවුහු පවසති. මෙම එක් යන්ත්‍රයකින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270 ක ධාරිතාවයක් එක් කෙරේ. මෙහි යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක් 2017 වර්ෂයේදී අලුත්වැඩියා කර ඇත.
චමින්ද සිල්වා