අද හවසට වැස්ස

135

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ ඌව පළාත්වලත්ල පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) සවස 02න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment