අද හෙට රට පුරා ඩෙංගු මර්දන වැඩ

63

විශේෂ ඩෙංගු මර්දන දින දෙකක් ලෙස අද (30 වැනිදා) සහ හෙට (31 වැනිදා) සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නම් කර තිබේ.
පසුගිය සති 4 ක කාලයේදී දිවයින පුරා ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් මෙලෙස විශේෂ ඩෙංගු මර්දන දින දෙකක් නම් කර ඇත.

මේ වනවිට දිනකට ඩෙංගු රෝගීන් 200 ත් 300 ත් අතර ප්‍රමාණයක් රෝහල්වලින් වාර්තාවීමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

සියලු දෙනා තම නිවාස තුළ හා නිවාස අවට මුදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටී.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඒමන්ති මාරඹේ


advertistmentadvertistment