විගස පුවත් අද හෙට විදුලිය නොකැපේ By Akitha - January 30, 2023 226 Share FacebookTwitterPinterestWhatsApp විදුලි කප්පාදුව අද (30) සහ හෙට (31) සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත. ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වැසි සමඟ ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය ඉහළ දැමීමට හැකියාව ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.