විද්‍යුත් වීසා ක්‍රමය අත්හිටු වූ අතුරු තහනම ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කර ආගමන විගමන පාලකට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 13 වැනිදා නියෝගයක් නිකුත් කර ඇත.
එම්.ඒ. සුමන්දිරන්, රවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව විද්‍යුත් වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නියෝගයක් නිකුත් කළේය.