දිවයින පුවත්පතේ ජ්‍යෙෂ්ඨ අධිකරණ මාධ්‍යවේදී ඒ.ජේ.ඒ. අබේනායක විසින් රචිත “රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු” නවතම ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය ලබන 11 වැනිදා පස්වරු 4.00ට කොළඹ කෙසෙල්වත්ත ලිලියන් උත්සව ශාලාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. අධිකරණ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ වසර 27කට අධික කාලය තුළ දී ඔහු විසින් දිවයින පුවත්පතට ලියන ලද ප්‍රකට නඩු කටයුතු මෙන්ම මාධ්‍ය මගින් අනාවරණය නොකළ එකී නඩු කටයුතුවලට අදාළ අප්‍රකට සිද්ධීන් ද පෙළ ගස්වා ඇති පිටු 552කින් සමන්විත එය ඔහුගේ පස්වන ග්‍රන්ථය වේ.
ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙරවදනත් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පසුවදනත් ලියා ඇති එම ග්‍රන්ථයේ මුල් පිටපත කතුවරයා විසින් පසුගියදා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත පිරිනැමීම සිදු කළේය.