අධික උෂ්ණත්වය හේතුවෙන් යුරෝපයේ රටවල් ගණනාවක ලැව් ගිනි

137

දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිපලයක් ලෙස හටගෙන ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මුල් කරගෙන පෘතුගාලයේ, ප්‍රංශයේ හා බටහිර ස්පාඤ්ඤයේ ඇවිළෙමින් පවතින දරුණු ලැව් ගිනි 20කට අධික සංඛ්‍යාවක් හේතුවෙන් විශාල භූමි ප්‍රදේශයක් විනාශ වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම ලැව් ගිනි හේතුවෙන් අදාළ රටවල පිහිටි ගම් ගණනාවක් විනාශ වී යෑමේ තර්ජනයකට මුහුණ පා ඇති අතර සංචාරක ව්‍යාපාරය අඩාල වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වී තිබේ. මේ වන විට යුරෝපයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ක් (ෆැරන්හයිට් අංශක 113ක්) දක්වා ඉහළ ගොස් ඇති අතර මෙම අධික උණුසුමත් සමග හටගෙන ඇති ලැව් ගිනි නිවීම සඳහා දහස් ගණන් වූ ගිනි නිවන හමුදා භටයන් පිරිසක් දිවා රෑ නොබලා වෙහෙස වන බව වාර්තාවේ. ප්‍රංශයේ හටගෙන ඇති ලැව් ගිනි නිවීම සඳහා ගුවන් යානා පවා යොදාගෙන ඇත. පෘතුගාලයේ ලෙයිරියා දිස්ත්‍රික්කයේ ඇවිළෙමින් පවතින ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර් 3000ක පමණ භුමි ප්‍රදේශයක් මේ වන විට විනාශ වී ගොස් ඇති බව බලධාරීහු පවසති.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment