අධික රස්නයෙන් ඉන්දීය ඡන්ද අපේක්‍ෂකයෙක් ඇද වැටේ

125

අදියර හතකින් පැවැත්වෙන ලොව දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී මහ මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරවලට ළඟා වෙද්දී ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති සෙල්සියස් අංශක 45 ක (ෆැරන්හයිට් අංශක 113) අධික උෂ්ණත්වය හේතුවෙන් මැතිවරණ අපේක්ෂකයන් හා ඡන්දදායකයන් ක්ලාන්ත වී වැටීමේ සිද්ධීන් හා ඡන්දය භාවිත කරන පිරිස අඩු වීමේ තත්ත්වයන් වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය මධ්‍යයේ මැතිවරණ රැස්වීම් පැවැත්වීමට ගිය ඇතැම් ඇමැතිවරු මෙන්ම මැතිවරණ ව්‍යාපාර කළමනාකරුවන් හා මැතිවරණ නිලධාරීහු ගණනාවක් පසුගිය දිනවල ක්ලාන්ත වී වැටී ඇති අතර තවත් පිරිස් රෝගාතූර වී තිබේ. මෙම තත්ත්වය මත ඇතැම් ප්‍රාන්තවල මැතිවරණ අපේක්ෂකයන් පවතින අධික උණුසුමෙන් බේරීම සඳහා සිය ඡන්ද රැස්වීම් උදෑසන කාලයේ හා සවස් කාලයේ පැවැත්වීමට පියවර ගෙන තිබේ. මෙවර ඉන්දීය මහා මැතිවරණයේදී මිලියන 970 ක ඡන්දදායකයන් පිරිසක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති නමුත් පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් බොහෝ ඡන්දදායකයන් ඡන්ද පොළට යෑමෙන් වැළකී සිටින බව අල් ජසීරා, පුවත් සේවය වාර්තා කර තිබේ. ඉකුත් අප්‍රේල් 19 දා ඇරඹි ඉන්දීය මහා මැතිවරණයේ ඡන්ද විමසීම ලබන ජූනි 01දා අවසන් වීමට නියමිතය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment