අධික වර්ෂාව සහ අයහපත් කාලගුණය නිසා චෙන්නායි සිට යාපනයට ගුවනින් සහ මුහුදෙන් ප්‍රවාහනය නවතී

89

අධික වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් චෙන්නායි හා යාපනය අතර ගුවන් ගමන් හා මගී නැව් සේවාව 16 දා සිට ක්‍රියාත්මක නොකිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මුහුදේ රළු ස්වභාවය හා අධික සුළං සහිත තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ නාගපට්ටම් සිට කන්කසන්තුරේ වරාය දක්වා යාත්‍රා කෙරෙන ශිවගංගී නැව් සේවාව ක්‍රියාත්මක නොකරන බව එම සමාගමේ කළමනකරණ අධ්‍යක්ෂ එස්. නිරන්ජන් මහතා ඉන්දියාවේ සිට නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙයි.

මේ අතර අධික වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපළේ සිට අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් නවතා දැමීමේ ප්‍රතිපලයක් වශයෙන් චෙන්නායි හා යාපනය අතර ගුවන් ගමන්ද නවතා දමා ඇත.

ගුවන් ගමන් හා නැව් සේවාවන් නවතා දමා ඇත්තේ තාවකාලික පියවරක් වශයෙන් වුවත් නැව් සේවාව යළි ආරම්භ කිරීමට කාලයක් ගත විය හැකි බව බලධාරීන් සඳහන් කොට තිබේ.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment