අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ඊයේ (17දා) අලුයම ගොඩගමදී මාර්ගයෙන් ඉවතට පැන කලටුවාවේ සිට මහරගම දක්වා ජලය ගෙනයන නළයක ගැටීම හේතුවෙන් ඒ අවට ප්‍රදේශ කීපයක ජල සැපයුම අඩාල වී තිබිණි.
අනතුරින් නළය පුපුරා යෑමෙන් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශවල ජල සැපැයුම අත්හිටුවා තිබූ අතර හානියට පත් නළය පිළිසකර කර ඊයේ (17දා) රාත්‍රිය වන විට යථා පරිදි ජල සැපැයුම ලබාදීමට හැකිවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටියේය.
නළය පුපුරා යෑමෙන් පිටතට ගලා ගිය ජල පහරේ වේගයට අසල විදුලි රැහැන් කණුවක් ද කැඩීගොස් තිබූ අතර අධික ජල කාන්දුව හේතුවෙන් ජල සැපැයුම නතර කිරීමට මණ්ඩලය පියවර ගෙන තිබිණි.
අනතුරින් මෝටර් රථයේ රුයැදුරු ඇතුළු දෙදෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.