අධිභාර බද්දට එරෙහිව නඩු යනවා

91

රජය විසින් පනවා ඇති සියයට 25 අධිභාර බද්දට එරෙහි මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරීමට අන්තර් සමාගම් සේවක සංගමය තීරණය කර ඇත.

ඒ අනුව, මෙම සතිය ඇතුළත එම නඩුව පැවරීමට නියමිතය.

එකී නඩු පැවරීමට අදාළ නීති කටයුතු සඳහා නීතිඥ සහාය ලබාගැනීම මේ වන විට සිදු කෙරෙමින් ඇති බවත් විසිහය ලක්‍ෂයක් වන පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් මෙම නඩුව ගොනු කරන බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය.

ආණ්ඩුව මෙම පනත හරහා සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදල්හි රුපියල් මිලියන හැත්තෑ හයදහසක් කොල්ලකෑමට මාන බලමින් ඇති බවත් කී සමරසිංහ මහතා ඊට එරෙහිව ගත හැකි ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවත් කීවේය.

සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල් පනතෙන් නිදහස් කිරීම සහ නොඑසේනම් ආණ්ඩුව දමා ගෙදර යෑම යන අවස්ථා දෙකක් තෝරා ගැනීම සඳහා ආණ්ඩුවට ඇති බවත් සඳහන් කළ හෙතෙම රජය මෙම පනත හකුළා නොගතහොත් 26 ලක්ෂයක් වන පුද්ගලික අංශයේ සේවකයන් සියල්ල කොළඹට කැඳවා ආණ්ඩුව ගෙදර යන තෙක් නොනිමි අරගලයක් කරන බවත් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment