අධිවේගී අනතුරින් සුරංග ලක්මාල් මරුට

284

දක්ෂිණ අධිවෙගි මාර්ගයේ කුරුදුගහහැතැම්ම ප්‍රදේශයේ දි පිටුපසින් පැමිණි රථයක පැති කන්නාඩියේ වැදිමෙන් බරපතල තුවාල ලැබු ලොරි සහායකවරයෙකු කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බැව් කරාපිටිය රෝහලේ පැවති හදිසිමරණ පරික්ෂණයකදි අනාවරණය විය.

මියගොස් ඇත්තේ කුඩාදුරයාලාගේ සුරංග ලක්මාල් දේවප්‍රිය (37) නැමති ගනේදෙනියපාර පානකාව කැගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය අයගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන්. කරුණාතිලක මහතා විසින් සිදුකරණු ලැබියග මියගිය තැනැත්තා ලොරිරථයෙන් ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන්කරමින් සිට ඇත.

කුරුදුගහහැතැම්ම ප්‍රදේශයේ දි ලොරිරථයේ ඉදිරිපස රෝදයේ හුළංබැසිම නිසා ටයර්මාරුකිරිමට ලොරි රථය නතරකොට ඇතග රෝදය මාරුකිරිමෙන් පසු ලොරිරථයේ පිටුපස සිට ඉදිරියට පැමිණෙමින් සිටියදි පිටුපසින් පැමිණි වාහනයක පැති කාන්නාඩියේ වැදිමෙන් මොහු අනතුරට ලක්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment