අධිවේගී පාපැදි සවාරියේ ජය යුද හමුදාවේ නිරාන් පසිඳුට

160

මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීමට මත්තෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශය හා මහාමාර්ග අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලැබූ මුළු දිවයිනටම විවෘත පාපැදි තරගය මීරිගම අධිවේගී මාර්ග පිවිසුම අසලදී ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් හා ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මියගේ සහභාගිත්වයෙන් ඊයේ පෙරවරුවේ පවත්වනු ලැබීය.

මෙම පාපැදි තරග විවෘත, 19න් පහළ සහ කාන්තා යන කාණ්ඩවලින් පැවැත්වූ අතර විවෘත තරගයේ දී පළමු ස්ථානය යුද හමුදාව නියෝජනය කළ නිරාන් පසිඳු ජයග‍්‍රහණය කළේ ය. දෙවන ස්ථානය ගුවන් හමුදාව නියෝජනය කළ දීමන්ත සහ තෙවැනි ස්ථානය කුරුණෑගල ක‍්‍රීඩා සමාජය නියෝජනය කළ සදුන් කුමාර යන ක‍්‍රීඩකයෝ ජයග‍්‍රහණය කළහ.

19 න් පහළ තරග අංශය-

ප‍්‍රථම ස්ථානය ප‍්‍රදීප් තරංග ප‍්‍රනාන්දු (රත්මලාන ගෝල්ඩන් ක‍්‍රීඩා සමාජය), දෙවන ස්ථානය දේශාන් කවින්ත (ෆන් බී කුරුණෑගල) තෙවන ස්ථානය උදිත රුමේෂ් (කරදියාන ස්පීඞ්)

කාන්තා තරග අංශය

ප‍්‍රථම ස්ථානය නිමේෂා දිල්රුක්ෂි (යුද හමුදාව) දෙවන ස්ථානය නිමල්කා චමෝදනී (ගුවන් හමුදාව) තෙවන ස්ථානය මධුමාලි ප‍්‍රනාන්දු (යුද හමුදාව).

කල්එළිය චන්ද්‍රවීර වික‍්‍රමරත්න, සුජාතා ජයරත්න

advertistmentadvertistment