අනවසර ඉදිකිරීම් වැළැක්වීමට පනත් සංශෝධන කිහිපයක් ගෙන එනවා – රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

143

අනවසර ඉදිකිරිම් වැළැක්වීම සඳහා පළාත් පාලන පනතට ඉදිරියේදී සංශෝධන කිහිපයක් ගෙන එන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පවතින බාධක මෙමගින් දුරුවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

වරිපනම් බදු ඇතුලු‍ව පළාත් පාලන ආයතනවල සියලු‍ ගෙවීම් අන්තර්ජාල ගත කිරීමේ ජාතික වැඩසටහන මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවෙන් ආරම්භ කරමින් 23දා පැවති උත්සවයේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙම නව ක්‍රමවේදය මගින් ප්‍රාදේශීය සභාවේ බදු ඇතුලු‍ සියලු‍ ගෙවීම් මාර්ගත ක්‍රමයට ගෙවීමට ජනතාවට අවස්ථාව උදා වේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පළාත් පාලන ආයතන 346ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සිදුවන බවත් ඉදිරි වර්ෂයේ මාර්තු මාසය වන විට සියලු‍ම පළාත් පාලන ආයතන තුළ අන්තර්ජාලය මගින් ගෙවීම් සිදුකළ හැකි පරිසරයක් ගොඩනගන බවත් කීය.

මෙම වැඩසටහන සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ, අකුරණ ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩී.ජී.එම්.බී. රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු‍ පිරිසක් එක්ව සිටියහ.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment