හේමන්ත රන්දුණු
ගල්කිස්ස ප‍්‍රදේශයේදී පහළොස් හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ 26 හැවිරිදි කාන්තාවක් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ජඹුරළිය, මඩපාත ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් මෙම කාන්තාව පවසා ඇත්තේ පහළොස් හැවිරිදි දැරිය විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීම සඳහා විවිධ ස්ථාන වෙත රැුගෙන ගියේ තමන් බවයි.
මෙම දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමේ ප‍්‍රධානියා මීට ඉහත දී ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටියි. මෙම සැකකරු සහ සැකකාරිය මාස 4 ක කාලයක් තිස්සේ පහළොස් හැවිරිදි දැරිය අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර විවිධ පුද්ගලයන්ට පැයකට රුපියල් දස දහසක් බැගින් මුදලකට අලෙවි කර ඇති බව හෙළිවී ඇත.
දැරිය එම මාස 4 ක කාල සීමාවේදී දිනපතාම පාහේ විවිධ පුද්ගලයන් සඳහා මුදලට අලෙවි කර ඇති බවද අනාවරණය වී තිබේ.
පහළොස් හැවිරිදි දැරියගේ මවද මෙම සැකකරු විසින් අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ ධනවත් පුද්ගලයකුට රුපියල් 21 ලක්ෂයකට අලෙවි කර ඇති බව ද පොලිසිය පවසයි. සැකකරු මෙම දැරිය මුල්ම අවස්ථාවේදී වැල්ලවත්ත ප‍්‍රදේශයේදී පුද්ගලයකුට රුපියල් ලක්ෂයක මුදලකට අලෙවි කර තිබිණි.