අන්තර්ජාලයේ පළකළ අනුර පුම්බන පුවත අසත්‍යයයි – ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

298

‘‘සමාජ මාධ්‍යයේ අනුර පුම්බන්න ජවිපෙ කෝටි පහක් වියදම් කරලා සාක්ෂිත් සමගම කැම්පේන් විස්තර එළියට’’ යන ශීර්ෂය සහිතව අන්තර්ජාල වෙබ් අඩවියක් විසින් පළකර ඇති පුවත මුළුමනින්ම අසත්‍ය පුවතක් බවත් මෙම ව්‍යාජ පුවත සහ ඊට පදනම් කරගත් කූට ලේඛනය පිළිබඳව ඉදිරියේදී සිය පක්‍ෂය නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් එම පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (18 වැනිදා)  ‘දිවයින’ ට අදහස් දක්වමින් සඳහන් කළේය.

මෙම පුවත මේ වන විට සියලූ ක්‍ෂේත‍්‍රයන්හි අසාර්ථක වෙමින්ද ජනතා විරෝධයට ලක්වෙමින්ද සිටින ආණ්ඩුවේ බංකොළොත් ප‍්‍රචාරවලින් එකක් බවත් හෙතෙම කීවේය.

මෙම පුවතෙහි සඳහන් වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරණ ආයතනය සමග ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු සබඳතාවක් තිබී නැති බවත් එය හුදෙක් අප පක්‍ෂයට අවලාද නැ`ගීම වෙනුවෙන්ම මවන ලද පුවතක් පමණක් බවත් විජිත හේරත් මහතා සඳහන් කළේය.

ජවිපෙ බවට හැෙ`ගන ලද සකසන ලද ව්‍යාජ රබර් මුද්‍රාද පක්‍ෂයේ නායකයන්ගේ ව්‍යාජ අත්සන්ද යොදා ගනිමින් මෙම පුවත සකසනු ලැබ ඇති බවත් ඔහු පැවසීය.

ආණ්ඩුවට එරෙහිව ප‍්‍රබල ජන මතයක් නොඩනැෙ`ගමින් තිබියදී එය වෙනතකට හැරවීමට ආණ්ඩුව විසින් ගන්නා ලද තවත් අසාර්ථක උත්සාහයක් වශයෙන් මෙය හැඳින්වීමට හැකි බවත්, මෙම ක‍්‍රියාමාර්ග පිටුපස ඇති දේශපාලනය පරාජය කිරීමට පෙරට එන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment