අන්තර්ජාල අධ්‍යාපනය හා ළමා පරපුර

9141

නව මාධ්‍ය උපයෝගී කරගනිමින් තොරතුරු අවශ්‍යතා ඉටු කරගැනීමේ දී නූතනයේ පවතින අප හමුවේ පවතින එක් ගැටලූවක් මාධ්‍ය තාක්‍ෂණය උපයෝගී කරගනිමින් හුවමාරු කරගැනීමට අපේක්‍ෂා කරනු ලබන තොරතුරුවල ගොදුරු බවට මානව ජීවිත හා සමාජ සම්බන්ධතා පත් වීමයි. මෙහි වඩාත් ඛේදවාචකය වී ඇත්තේ, මෙරට ළමා පරපුර වෙත සිදුකරන සන්නිවේදනයේ අහිතකර තත්ත්වයයි.

නව මාධ්‍ය මගින් තොරතුරු සන්නිවේදන ක‍්‍රියාවලිය සිදු කිරීමට උපයෝගී කරගන්නා ක‍්‍රමවේද ගණනාවකි. මෙසේ විවිධ ක‍්‍රමවේද ඔස්සේ සමාජයේ අවශ්‍යතා හා වුවමනා වඩාත් වේගවත්ව ඉටු කළ හැකි පරිදි මෙවලම් හා මෘදුකාංග තවදුරටත් වර්ධනය වෙමින් පවතියි. එම මෙවලම් හා මෘදුකාංග මගින් විවිධ අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් තොරතුරු නොයෙක් ක‍්‍රමවේද ඔස්සේ සන්නිවේදනය කරයි. මේ නිසා මානව ජීවිතයේ නව මාධ්‍ය මගින් ගොඩනැ`ගුණු සයිබර් සංස්කෘතියක් නිර්මාණය කිරීමට සමත් වී ඇත. එම`ගින් තොරතුරු පරිහරණය කිරීමේ වේගය වර්ධනය කර ඇති අතර තොරතුරු මූලික කරගත් වෙළෙ`ද සමාජයක් නිර්මාණය කර ඇත.

වර්තමානය වන විට නව මාධ්‍ය මගින් සමාජ වටිනාකම් ගොඩනැ`ගීම මෙන්ම විවිධ සමාජ පරිවර්තන ඇති කිරීම ද සිදුවේ. එහිදී ඇතැම් විද්වතුන් පෙන්වා දෙන්නේ, නව මාධ්‍ය මගින් සිදු කරන තොරතුරු සම්පේ‍්‍රෂණය මගින් සිදුවන්නේ හුදෙක් තොරතුරු සන්නිවේදනයකට වඩා සිදුවන්නේ සංස්කෘතික තොරතුරු හුවමාරු ක‍්‍රියාවලියක් බවයි. එනම්, මානව ජීවිතය සම`ග බද්ධ වූ මානවීය සංවේදනා ආශ‍්‍රිත තොරතුරු මෙම සයිබර් සංස්කෘතිය තුළ හුවමාරු වන බවයි. නව මාධ්‍යයේ පවතින මාධ්‍ය අභිසාරීතාව, අන්තර්ක‍්‍රියාකාරීත්වය, ග‍්‍රාහක පරිශීලන හැකියාව හා මාධ්‍ය ස`දහා ප‍්‍රවේශ වීමට ඇති පු`ඵල් ඉඩකඩ යනාදී මුලික ලක්‍ෂණ ඊට හේතු වී ඇති බව පෙන්වාදිය හැකි ය.

මෙහිදී අනෙකුත් මාධ්‍යවලට සාපේක්‍ෂව නව මාධ්‍ය භාවිතයෙන් සිදු කරන ඕනෑම සන්නිවේදනයක් එක් අයෙකුගේ සිට විශාල පිරිසකටත්, විශාල පිරිසකගෙන් එක් එක් පුද්ගලයන් වෙතත් තොරතුරු සම්පේ‍්‍රෂණය කිරීමේ සුවිශේෂී හැකියාව ද වැදගත් වේ. මේ නිසා නව මාධ්‍ය තාක්‍ෂණය මගින් සිදු කෙරෙන තොරතුරු සන්නිවේදන ක‍්‍රියාවලිය මගින් මානව සමාජය වෙත සිදු කළ හැකි බලපෑමේ ස්වභාවය ඉතා පු`ඵල් හා සංකීර්ණ තත්ත්වයක පවතියි.

එසේම මෙම නව මාධ්‍ය තාක්‍ෂණික මෙවලම් භාවිතයෙන් නූතනයේ තොරතුරු වෙළ`දපොළක් නිර්මාණය වී ඇත. මේ තොරතුරු වෙළ`දපොළෙහි අලෙවි වන්නේ හුදෙක් භාණ්ඩ හා සේවාවලට අදාළ තොරතුරු පමණක් නොවේ. නූතනය වන විට ‘මානව ජීවිතය හා බැ`දුණ සම්බන්ධතා’ ද අලෙවි කළ හැකි තත්ත්වය දක්වාම මෙම වෙළෙ`දපොළ පු`ඵල් හා සංකීර්ණ මට්ටම පත්ව ඇත. මේ නිසා යහපත් අයහපත් තත්ත්වය පිළිබ`ද බෙදුම් රේඛා ඇද දැක්වීමට ඉතා අපහසුවන තරමට නව මාධ්‍ය තාක්‍ෂණය මගින් නිර්මාණය ඇති වෙළ`දපොළ ඉතා සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය කර ඇත.

නව මාධ්‍ය උපයෝගී කරගනිමින් තොරතුරු අවශ්‍යතා ඉටු කරගැනීමේ දී නූතනයේ පවතින අප හමුවේ පවතින එක් ගැටලූවක් මාධ්‍ය තාක්‍ෂණය උපයෝගී කරගනිමින් හුවමාරු කරගැනීමට අපේක්‍ෂා කරනු ලබන තොරතුරුවල ගොදුරු බවට මානව ජීවිත හා සමාජ සම්බන්ධතා පත් වීමයි. මෙහි වඩාත් ඛේදවාචකය වී ඇත්තේ, මෙරට ළමා පරපුර වෙත සිදු කරන සන්නිවේදනයේ අහිතකර තත්ත්වයයි.

කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ තාක්‍ෂණික මෙවලම් උපයෝගී කරගනිමින් තොරතුරු සන්නිවේදනය සිදු කිරීමේ ක‍්‍රියාවලිය ඉතා කාර්යක්‍ෂමව හා සක‍්‍රීයව සිදු වෙමින් පවතියි. එහිදී නොයෙක් අධ්‍යාපන අරමුණ වෙනුවෙන් නව මාධ්‍ය තාක්‍ෂණය භාවිත කිරීමට සමාජය යොමුවිය. මේ නිසා පරිගණකය, ලැප්ටොප්, ජංගම දුරකථනය ආදී මෙවලම් දරුවන්ගේ පරිහරණය පිණිස යොදා ගැනිණි. මේ මගින් අධ්‍යාපන අරමුණු සාක්‍ෂාත් කර ගැනීම මෙන්ම එම මෙවලම් භාවිතයට දරුවන්ගේ රුචිකත්වය වැඩි දියුණු වීම, අදාළ මෙවලම් ආශ‍්‍රිතව සිදු කරන සන්නිවේදන ක‍්‍රම පිළිබ`ද දරුවන්ට ඉගෙන ගැනීමට හැකියාව උදා වී ඇත.

නමුත් මෙහි ඇති ගැටලූකාරී තත්ත්වය වන්නේ සන්නිවේදන තාක්‍ෂණ උපකරණ දරුවන් අතට පත් වීම මගින් එය හුදෙක් තම අධ්‍යපන අවශ්‍යතා ඉටු කරගැනීමට පමණක් භාවිත කිරීමේ හැකියාවක් දරුවන් සතුව තිබේද යන්නයි. ඇතැම් විටෙක මෙම තාක්‍ෂණික උපකරණ මගින් සිදු කරන සන්නිවේදනයේ පවතින සෘජු, වක‍්‍ර මෙන්ම අනිවාර්යය බලපෑමෙහි පවත්නා ඉෂ්ට අනිෂ්ට ප‍්‍රතිඵල පිළිබ`ද නිසි දැනුවත්භාවයක් දරුවන් පමණක් නොව දරුවන් ඒ ස`දහා යොමු කරන දෙමාපියන්, වැඩිහිටියන් සතුව තිබේද යන්නයි.

වර්තමානය වන විට මෙම නව මාධ්‍ය වඩාත් සක‍්‍රීයව උපයෝගී කරගනිමින් ලාංකේය සමාජයේ බාලවයස් දරුවන් ලිංගික අපයෝජන, නොයෙක් හිංසන ස`දහා යොමු කර ගැනීමට දරන උත්සාහයන් හා එවැනි සිදුවීම් පිළිබ`ද තොරතුරු අසන්නට දකින්නට සිදුව ඇත. මෙවැනි ළමා අපචාර, හිංසන, අපරාධ ඉදිරියේ ඇතැම්දෙනා මෙම සිදුවීම් වාර්තා කිරීමේදී ජනමාධ්‍යයේ පවතින ආචාරධර්මීය ගැටලූ පිළිබ`ද සාකච්ඡුා කරයි. ඇතැම්හු එය මාධ්‍ය පරිහරණයේදී මිනිසුන් සිදුකරන වරදකට වඩා නව මාධ්‍යයේ වරදක් ලෙස අර්ථකථනය කරති. සමහරක් දෙනා සමාජ ක‍්‍රමයේ වරදක් වශයෙන් විග‍්‍රහ කරති. නමුත් මෙහි පවත්නා සැබෑ සමාජ ඛේදවාචකය මෙවැනි චෝදනා කරගැනීම් හමුවේ පිටු දැකිය හැකිද? යන්න විමර්ශනය කිරීම කාලීන අවශ්‍යතාවකි.

ළමා අපචාර සම්බන්ධව අප අත්දකින මෙවැනි ඛේදනීය තත්ත්වයන් ඇතැම්දෙනා මෙය මාධ්‍ය වාර්තාකරණයේ ඇති ගැටලූවක් බව පවසයි. මෙවැනි ඛේදවාචක අද පමණක් නොව මානව සමාජයේ ප‍්‍රාථමික යුගයේ පටන් අත්දකින ලද ඒවා බව පවසයි. නමුත් ජනමාධ්‍ය මෙවැනි දේ දිගින් දිගට වාර්තා කිරීමෙන් සමාජයේ ළමයා, සමාජ සම්බන්ධතා හා ලිංගික අධ්‍යාපනය හා මෙරට සමාජයේ වන ලිංගික

පීඩනය පිළිබ`ද විවෘතව සාකච්ඡුා කරන්නේ යන්න ගැටලූවකි. ළමා අපචාර, සිදුවීම් මාධ්‍යයේ පුවතක් ලෙස වාර්තා වන්නේ යම් සේද ඒ පිටුපස පවතින පුද්ගලත්වය මූලික කරගත් සමාජ සම්බන්ධතාවල පවතින ගැටලූවවල සංකීර්ණත්වය මානවවිද්‍යාත්මක, සමාජවිද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක හා සන්නිවේදනවිද්‍යාත්මක ප‍්‍රවේශයන්හි හි`ද සාකච්ඡුා කළ යුතුය.

එසේ නොවන්නට මාධ්‍ය මගින් මෙවැනි ඛේදනීය අපචාර සිදුවීම් ප‍්‍රවෘත්තිමය වටිනාකම් පිළිබ`ද සිතා වාර්තා කිරීමෙන් පමණක් සමාජයෙන් තුරන් කිරීමේ කාර්යයට උරදිය නොහැකිය. ජනමාධ්‍ය මගින් මෙවැනි අපචාර සිදුවීම් වාර්තා කිරීමේදී ඊට ලබාදෙන අවකාශය, මූලිකත්වය, භාෂාමය යෙදුම් භාවිතය, රූප රාමු අනුව සමාජයේ ඒ කෙරෙහි වන අවධානය ද වර්ධනය වේ. එවැනි අවස්ථාවකදී මාධ්‍ය වාර්තාකරණයේ පවතින දුර්වලතා, ආචාරධර්මීය ගැටලූ, මතවාදීමය දෘෂ්ටිකෝණ අදාළව අපචාර සිදුවීම පිළිබ`ද තොරතුරු අසන, දකින, කියවන ග‍්‍රාහකයා එම තොරතුරු වටහා ගන්නා විවිධ වේ. මේ නිසා ජනමාධ්‍ය හෝ සමාජජාල මාධ්‍ය මගින් ළමා අපචාර පිළිබ`ද වාර්තා කිරීමේදී එවැනි වාර්තා ජනතාව හමුවට ගෙන ඒමෙන් සපුරාගනු ලබන්නේ කවර නම් සමාජ අවශ්‍යතාවක් ද පිළිබ`ද අවධානය යොමු කළ යුතුය. මෙවැනි අපරාධ පිළිබ`ද වාර්තා ජනතාව හමුවට ගෙන ඒමේ දී හුදෙක් තොරතුරු පමණක් ගෙනහැර දැක්වීමකට එහා ගිය සමාජ වගකීමක් මාධ්‍ය අන්තර්ගතය මෙහෙයවන්නන් සතුවන බව ස`දහන් කළ යුතුය. මෙම සමාජ වගකීම හමුවේ අදාළ අපරාධයේ තොරතුරු ඉදිරිපත් කිරීමේ මාධ්‍ය සදාචාරය කිසි විටෙකත් පාවා දිය යුතු නොවේ. ප‍්‍රවෘත්තිමය වටිනාකම වෙත සමාජ අවධානය යොමු කිරීමේදී ඉන් සමාජයට සිදු කරන්නේ කවර නම් යහපතක් ද යන වග පිළිබ`ද නැවත නැවත සිතිය යුතුය.

ජනමාධ්‍ය වාර්තාකරණය මගින් අදාළ අපරාධයේ ගොදුර බවට පත් වූවන් තව තවත් ශාරීරික, මානසික හා සමාජීය වශයෙන් පීඩනයට පත්වන්නේ නම් එවැනි තොරතුරකින් සමාජයට සිදුවන යහපතක් නොමැත. තවදුරටත් මෙවැනි මාධ්‍ය වාර්තාකරණයක් සිදු කරන්නේ කවර නම් සමාජ අවශ්‍යතාවක් ඉටු කිරීම වෙනුවෙන් ද? නූතනයේ ළමා අපචාර සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබ`ද ජනමාධ්‍යයේ කාර්යභාරය හා සමාජ වගකීම පිළිබ`ද අප සාකච්ඡුා කළ යුත්තේ එබැවිනි.

සමාජයේ තොරතුරු අවශ්‍යතාව ඉටු කිරීම වෙනුවෙන් ස්වකීය පෑන, රෙකෝඩරය, කැමරාව අදාළ අපරාධයට ගොදුරු වූවන් හසු කරගැනීමේදී යම් වාර්තාකරුවෙකු හෝ වාර්තාකාරිනියක ස්වකීය වෘත්තීය කාර්යභාරය ඉටු කරන්නේ කවර ආකාරයෙන් ද යන්න විමසිය යුතුය. ස්වකීය වාර්තාවට හසු කරගන්නා අපචාර සිදුවීම් ආශ‍්‍රිත පුද්ගලයන් ස්වකීය සමීපතමයෙකු නම් වාර්තාකරණයට අදාළ මාධ්‍යකරුවා ගන්නා එළඹුම කුමක්ද යන්න තැන පටන් මාධ්‍ය ආචාරධර්ම පිළිබ`ද පවතින ස්වයං නියාමන ධර්මතා හා වෘත්තීය ගරුත්වය පිළිබ`ද නැවත නැවතත් සිහි කළ යුතුය. එයින් මෙවැනි අපරාධ තවදුරටත් සමාජය වෙත වර්ධනය වීමට ඇති හැකියා අවම කරමින් සමාජයෙන් එවන් ඛේදවාචක පිටුදැකීමට, ම`ගහරවා ගැනීමට, ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් මාධ්‍ය හැසිරිවීමේ හැකියාවක් උදා කරගත හැකිය.

නවමාධ්‍ය තාක්‍ෂණය භාවිතයේ නොදැනුවත්කම, මාධ්‍යයේ පළවන දෙයක් අවබෝධ කරගැනීම, මාධ්‍ය පරිහරණයට ඇති හැකියාව නොමැතිවීම ඉදිරියේ නූතනයේ මානව ජීවිත හා සම්බන්ධව මුහුණ දෙන සමාජ ඛේදවාචක කොතෙකුත් තිබේ. මෙම ඛේදවාචක හමුවේ ජනමාධ්‍යයේ හැසිරීම පිළිබ`ද විවේචන සිදු කිරීම මගින් හෝ මාධ්‍ය තාක්‍ෂණයට නිර්දය ලෙස විවේචනය කිරීමෙන් පමණක් මෙවැනි අපරාධ වළකා ගත හැකිද? යන්න ගැටලූ සහගතය. නව මාධ්‍ය පරිහරණය කරන පුද්ගලයන් වශයෙන් ජනතාව සතුව පවතින සමාජ, මානව හා සදාචාරාත්මක වගකීම හා පුරවැසි කාර්යයභාරය පිළිබ`දව ද සාකච්ඡුා කළ යුතුය. ජනමාධ්‍ය හෝ නව මාධ්‍ය තාක්‍ෂණය උපයෝගි කරගත් සයිබර් අවකාශයේ ඇති ඕනෑම තොරතුරක් මනා සබුද්ධියක් සහිතව වටහාගැනීමට හැකියාවක් පුද්ගලයා සතු විය යුතුය. මාධ්‍යයෙන් සපයන තොරතුරු මත සමාජයේ සියල්ල පිළිබ`ද තීරණය නොකිරීමට ග‍්‍රාහක සමාජය විචාරශීලී විය යුතුය.

එසේම නව මාධ්‍ය තාක්‍ෂණය උපයෝගී කරනිමින් ජීවිතයේ සියලූ අවශ්‍යතා ඉටු කරගත නොහැකි බව මනා වැටහීමක් විය යුතුය. මාධ්‍ය තාක්‍ෂණයේ ශීඝ‍්‍ර දියුණුව, වේගවත් බව හමුවේ ජීවිතයේ සියලූ අවශ්‍යතා මෙමගින්

වේගවත්ව ඉටු කරගත නොහැකි බව අවබෝධ කරගත යුතුය. මනුෂ්‍යත්වයේ පවතින ඇතැම් මානවීය සම්බන්ධතා වෙනුවෙන් මාධ්‍ය තාක්‍ෂණය හා තොරතුරු හුවමාරු කරගැනීමේ සීමාවක් පවතින බව වටහාගත යුතුය. සමාජයේ ජීවත් වීමේදී ආගම, සදාචාරය, සංස්කෘතිය ආදී නොයෙක් තැන්හි යම් සමාජ සදාචාරයක් පෙන්වා දී ඇත්තේ, ඒවා හුදෙක් මිනිසාගේ දැනගැනීමට පමණක් නොවේ. ජීවිතයේ ජීවත්වීමේදී ඒවා භාවිතයට ගැනීමටයි.

එසේම, අප ජීවත්වන සමාජයේ අපේ ක‍්‍රියාකාරකම්, භාවිතය හා ජීවිතය දෙකක් නොව එකක් විය යුතුය. අධ්‍යාපනයෙන් අපට කියා දිය යුතු වන්නේ එයයි. එය පෙරළා කවර මෙවලමක් භාවිත කළ ද තමන්ගේ තම අවට පරිසරයේ වෙසෙන ඕනෑම දෙයක් කෙරෙහි අයහපත් බලපෑමක් ඇති කෙරෙන අයුරින් භාවිත නොකිරීම වෙනුවෙන් සදාචාරාත්මක වගකීමක් පුරවැසියන් වන අප සතු විය යුතුය.

එය නීතිරීති රෙගුලාසි මගින් ඉටු කිරීමට වඩා දියුණු යැයි පැවසෙන සමාජයේ පුද්ගල දියුණුවේ එක් ලක්‍ෂණයක් විය යුතුය. සමාජයේ ජීවත් වීමේදී අයහපතට යොමු වීමට, අයහපත් දේ කිරීමට, සදාචාර විරෝධී දේ කිරීමට කෙතරම් හැකියාව තිබුණද ස්වකීය යහපත් මානව ධර්මතාවල කටයුතු කිරීමට හැකි පුරවැසියෙකු රටකට බිහි කරගැනීමට හැකි නම් එය රටක් සමාජයක් භාග්‍යයකි. එම හැකියාව පුරවැසියෙකුට ලබා දෙන්නේ අධ්‍යාපනයෙනි. නමුත් නූතන අධ්‍යාපනයෙන් එය ඉටුවන්නේ ද?. පුරවැසියෙකු ලබන අධ්‍යාපනය හා ජීවන ක‍්‍රියාකාරකම් ඉදිරියේ යහපත් ලෙස භාවිත කළ හැකි විය යුතුය. එසේ නොවන්නට බොහෝ දේ උගත් වුව ද සමාජ භාවිතය ඉදිරියේ ඔහු හෝ ඇය දක්ෂයෙකු ලෙස සමාජයට විෂම දේ දායාද කිරීමේ හැකියාව උදාවේ. අධ්‍යාපනය හා පුද්ගල ජීවිතය දෙකක් නොව එකක් විය යුත්තේ එබැවිනි. අධ්‍යාපනය හුදෙක් විභාග සමත් වීමකට පමණක් සීමා නොවිය යුතුය.

අමාලි උත්පලා නන්දසිරි
කථිකාචාර්ය, ජනසන්නිවේදන අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment