අන්තර් පළාත් මගී ප‍්‍රවාහනයට අවසර

891

අන්තර් පළාත් බස් හා දුම්රිය සේවා අගෝස්තු 01 වැනිදා සිට සීමාසහිතව ආරම්භ කරන බව ප‍්‍රවාහන රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම මහතා පවසයි.
 
 පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අවසර ලබ ා දෙන බස් රථ හා දුම්රිය පමණක් ධාවනයට යොදවන බව ද හෙතෙම කීවේය.
 
 මේ අතර අගෝස්තු 01 වැනිදා අන්තර් පළාත් ලංගම බස් රථ 1500 ක් යොදවන බව ලංගම සභාපති කිංස්ලි රණවක මහතා පැවැසීය.
 
 කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාගේ උපදෙස් අනුව බස් රථ යොදවන බවද හෙතෙම කියා සිටියේය.
 
– ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment