අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ හේනේගම විදුහල අවසන් තරගයට

45

2024 – 2025 අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ වයස අවුරුදු 19න් පහළ දෙවැනි කාණ්ඩයේ සීමිත පන්දු වාර තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට හේනේගම මධ්‍ය විද්‍යාලය (ජාතික) පාසල් කණ්ඩායම සමත් වී තිබේ. කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය සමග පැවැති අවසන් පූර්ව තරගයේදී එම කණ්ඩායම ලකුණු 32කින් පරාජය කරමින් පැරද වූ දිමුතු දේශාන්ගේ නායකත්වයෙන් යුත් හේනේගම මධ්‍ය විද්‍යාල (ජාතික) කණ්ඩායම එම සුදුසුකම ලබාගත්තේය.

හේනේගම කණ්ඩායම විදුහල්පති ඩී.එන්. ඕපාත, ක්‍රිකට් ක්‍රීඩාභාර ආචාර්ය ආර්.ඒ. වසන්ත, ප්‍රධාන පුහුණුකරු සාලින්ද දේවප්‍රිය සහ සහාය පුහුණුකරු පසිඳු තීක්ෂණ සමග සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරු.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment