අන්තර් පාසල් සහාය දිවීමේ ශූරතා තරගාවලිය අප්‍රේල් මස

92

ශ්‍රී ලංකා අන්තර් පාසල් සහාය දිවීමේ ශූරතා තරගාවලිය අප්‍රේල් මස 05, 06 සහ 07 යන දිනවල අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තීරණය කර ඇත.

මෙරට අන්තර් පාසල් ජාතික මට්ටමෙන් මෙම වසරේ ක්‍රියාත්මක වන පළමු මලල ක්‍රීඩා තරගාවලිය ලෙස මෙය හැඳින්වෙයි.

වයස් සීමා 5ක් යටතේ එනම් 12, 14, 16, 18 සහ 20 න් පහළ පිරිමි සහ කාන්තා ලෙස එම තරග පැවැත්වේ. මෙම මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.මේ අතර මීට සමගාමීව ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සහ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය දින නියම කොට ඇත. ඒ අනුව ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සැප්තැම්බර් මස 2, 3, 4 සහ 5 යන දිනවල සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සහ ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය නොවැම්බර් මස 8, 9 සහ 10 දිනවල ඇඹිලිපිටිය හෝ බදුල්ලේ දී පැවැත්වීමට සැලසුම් කොට ඇත. අදාළ තරගාවලි දෙක සඳහා ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6000 කට වැඩි පිරිසක් සහභාගි වීමට නියමිතය.


advertistmentadvertistment